අද ගොවියා මුහුණ දෙන අතිශය අභියෝගාත්මක තත්ත්වය පෙන්වන ප්‍රධාන දත්ත සංඛ්‍යා 5ක් ගැන හෙතෙම කීය.
රු. 17ක පාඩුව: වී කිලෝවක් හදන්න රු. 137ක් යද්දී, ස්ථාවර මිල රු. 120යි!
බාල පොහොර: පොහොර සහනාධාරය පමා වන අතර, ලැබෙන පොහොරවල ගුණාත්මකභාවය පහත වැටී ඇත.
“ගොවියා දෙවියා” කියමින් කෘෂි උපකරණවලට 18% දක්වා VAT පනවා ඇත.
සහල් මිල පාලනය කරන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් අද අසාධු ලේඛනගත වී අසරණයි.
දේශීය අස්වැන්න කපද්දී රටින් ගෙනා හාල්වලින් ගබඩා පුරවා ඇත!
ගොවියා කසිප්පුකාරයා කළ මේ රජය ගෙදර යවන්නේ ගොවි ජනතාවමයි බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කීය.

