ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ පවතින දැවැන්ත ප්‍රමාදය හමුවේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට රජය සැරසෙයි. නමුත් මෙය සැබෑ විසඳුමක්ද?
1,134,000 (නඩු ලක්ෂ 11කට වැඩි): 2025 ජූනි වන විට ලංකාවේ අධිකරණවල ගොඩගැසී ඇති සමස්ත නඩු සංඛ්‍යාවකි. ශ්‍රේෂ්ඨාධිකරණය: සිටිය යුතු විනිසුරුවන් 16 න් දැනට සිටින්නේ 12 යි! (4 ක පුරප්පාඩුවක්)කි.
අභියාචනාධිකරණය: සිටිය යුතු 19 න් දැනට සිටින්නේ 15 යි! (4 ක පුරප්පාඩුවක්)කි.
ප්‍රධාන අධිකරණවල පවතින පුරප්පාඩු පවා නොපුරවා විශ්‍රාම යන වයස වැඩි කිරීමෙන් සැබෑ ධාරිතාව වැඩි නොවේ.
ප්‍රමාදයට හේතුව විනිසුරුවන්ගේ වයස නෙවෙයි.යටිතල පහසුකම්, පරිපාලනමය අසාර්ථකත්වය සහ තාක්ෂණය භාවිත නොකිරීමයි.
විනිවිදභාවයකින් තොරව හදිසියේ ගේන ව්‍යවස්ථා සංශෝධනවලින් අධිකරණයේ ස්වාධීනත්වයට සහ මහජන විශ්වාසයට හානි විය හැකියි.
සැබෑ විසඳුම කුමක්ද?පුරප්පාඩු වී ඇති විනිසුරු තනතුරු කඩිනමින් පිරවීම, ඩිජිටල් ගොනු කිරීම (e-filing) සහ නඩු කළමනාකරණ පද්ධති හඳුනාගැනීම, අධිකරණ වේලාවන් දීර්ඝ කිරීම හෝ සේවා මුර (shifts) ක්‍රම හඳුන්වා දීම, නඩු ගොඩගැසී ඇති අධිකරණ හඳුනාගෙන විද්‍යාත්මක ක්‍රමවේදයකට විසඳුම් දීම,“අපට අවශ්‍ය කරන්නේ ව්‍යුහාත්මක සහ තාක්ෂණික විසඳුම් මිස, රෝග ලක්ෂණ විතරක් වහන්න හදන තාවකාලික පැලැස්තර නෙවෙන බව කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා පැවසීය.

