විපක්ෂය මොනතරම් සන්ධානගත වීමට උත්සාහ කළද ඔවුන්ගේ එකමුතුකම පිළිබඳ විශාල ප්‍රශ්නාර්ථයක් මතුවන බව අමාත්‍ය උපාලි පන්නිල මහතා පවසයි. පසුගිය විශ්වාසභංග යෝජනාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් 66 දෙනාගෙන් සහභාගී වූයේ 36 දෙනෙකු පමණක් බව පෙන්වා දෙන ඒ මහතා, විපක්ෂයේ කණ්ඩායම් එකතු වන්නේ පොදුජන යහපතට වඩා තම පෞද්ගලික දේශපාලන අභිමතාර්ථ ඉටුකර ගැනීමට බවද අවධාරණය කළේය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, රාජ්‍ය සේවයේ හා දේශපාලනයේ හොරකම් නතර කර “සුපිළිපන්න දේශයක්” බිහි කිරීම රජයේ ප්‍රමුඛ අරමුණ බවයි.

Share.
Leave A Reply