ක්‍රීඩාව කියන්නේ දිනන්න විතරක් කරන දෙයක් නෙමෙයි, ඒක අපේ දෛනික ජීවිතයේ කොටසක් විය යුතුයි!
ඉහළ යන රිය අනතුරු සහ තරුණ පරපුර මත්ද්‍රව්‍යවලට ගොදුරු වීම වැනි බරපතල සමාජ ගැටලුවලට විසඳුම් දෙමින්, විනයගරුක හා නිරෝගී අනාගත පරපුරක් බිහිකිරීමට රට තුළ ප්‍රබල ක්‍රීඩා සංස්කෘතියක් ඇති කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ:
2028 ඔලිම්පික් සිහිනය: ජාත්‍යන්තර ජයග්‍රහණ වෙනුවෙන් 2028 ඔලිම්පික් ඉලක්ක කරගනිමින් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගෙන පුහුණු කිරීම.
ගුණාත්මක පුහුණුකරුවන්: ජාත්‍යන්තරය ජයගත හැකි ක්‍රීඩකයින් බිහිකිරීමට දැනුමැති පුහුණුකරුවන් කණ්ඩායමක් සූදානම් කිරීම.
නවීන තාක්ෂණය: නවීන තාක්ෂණයෙන් යුත් ‘ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානයක්’ (High Performance Center) ස්ථාපිත කිරීම.
යටිතල පහසුකම්: මන්නාරම, කිලිනොච්චිය, කල්මුණේ, සුගතදාස සහ දියගම ක්‍රීඩා සංකීර්ණවල වැඩකටයුතු කඩිනම් කිරීම.
තරගයකට එහා ගිය ක්‍රීඩා ප්රබෝධයක් සමාජය තුළ ඇති කරමු යැයි ජනපති තුරුණු තරුණ අපේ රට පෙරට රැගෙන යන තරුණ පිරිසගෙන් ඉල්ලා සිටියේ ය.

