දිවයින පුරා ඩෙංගු රෝගීන් වාර්තා වීම සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති අතර, 2026 ජූලි 24 වන විට වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 80,905 දක්වා ඉහළ ගොස් තිබේ. මේ වන විට සිදුව ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 61 කි.
ප්‍රධාන දත්ත තොරතුරු:වැඩිම බලපෑමක්: සමස්ත රෝගීන්ගෙන් 52.94%ක්ම (42,835 ක්) බස්නාහිර පළාතෙන් වාර්තා වේ. අවදානම්ම දිස්ත්‍රික්ක: ගම්පහ (17,135) සහ කොළඹ (16,140) රෝගීන් සංඛ්‍යාව අතින් ඉහළින්ම සිටී.
රෝගීන්ගේ සීඝ්‍ර වර්ධනයක්: ජූනි (21,534) සහ ජූලි (25,530) මාසවලදී රෝගීන්ගේ වාර්තා වීම විශාල ලෙස ඉහළ ගොස් ඇත. අධි අවදානම් ප්‍රදේශ: සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) බලප්‍රදේශ 175ක් අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබේ.
ඔබේ පරිසරය මදුරුවන් බෝවන ස්ථානවලින් තොරව තබා ගැනීමට අදම පියවර ගන්න. උණ පවතී නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න!

