මුදල් නොමැතිකම නිසා ඇප තැන්පත් කිරීමට සහ නියම වූ දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව රැඳවියන් 3,371 දෙනෙකු වසර ගණනාවක් පුරා බන්ධනාගාරගතව සිටින බව ජාතික විගණන කාර්යාලයේ නවතම වාර්තාවකින් අනාවරණය වෙයි.
ප්‍රධාන තොරතුරු:
දඩ මුදල් ගෙවාගත නොහැකි වූවන්: 1,940 යි (බන්ධනාගාර 28ක)
ඇප මුදල් ගෙවාගත නොහැකි වූවන්: 1,431 යි (බන්ධනාගාර 21ක)
මාස 5කට වඩා හිරවී සිටින සංඛ්‍යාව: 325 යි
මුදල් අර්බුදයට අමතරව ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම සහ ඉදිරිපත් වීමට ඥාතීන් නොමැති වීමද මෙයට හේතු වී ඇත.
මේ හේතුවෙන් බන්ධනාගාර තුළ අධික තදබදයක් නිර්මාණය වී ඇති අතර, මොවුන්ගේ නඩත්තුව වෙනුවෙන් රජයට ද වසරකට විශාල පිරිවැයක් දැරීමට සිදුව තිබේ.
නමුත්, ඉදිරියේදී ජනාධිපති පොදු සමාව යටතේ මොවුන් නිදහස් කිරීමට විශේෂ අවධානයක් යොමු කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

