කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල ප්‍රගති සමාලෝචනය අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙහිදී ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව 99%ක භෞතික ප්‍රගතියක් හා 92%ක මුදල් ප්‍රගතියක් ළඟා කරගෙන ඇති බව අනාවරණය විය. SARP ව්‍යාපෘතිය යටතේ ප්‍රතිසංස්කරණයට සැලසුම් කළ වැව් 200න් වැව් 184ක කටයුතු අවසන් කර ඇත.
ඩොලර් මිලියන 120ක IRDCSP ව්‍යාපෘතිය දිස්ත්‍රික් 12ක ක්‍රියාත්මක වන අතර, CResMPA ව්‍යාපෘතිය 77%ක භෞතික ප්‍රගතියක් ලබාගෙන තිබේ.
ලබා දී ඇති ඉහළ ප්‍රතිපාදන උපරිමයෙන් උපයෝගී කරගනිමින් සියලු සංවර්ධන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට තදින්ම අවධාරණය කළේය.

