රතු ඉර – මේ දවස්වල මොනව ද සිදු කරන විනෝදාංංශ කටයුතු ?

තිස්ස අත්තනායක මහතා

මම රතු ඉර පනින කතා තමයි අහන්නේ. ඒදා සහෝදර පක්ෂයේ උත්තමයෝ වේදිකා වල කී දැනට කියන කරන දේවල් පරන කතා අනවා. කියපු කතා අහනවා මේ පරණ කතා අහනකොට මේ ඒ් කතා අද කියන කතා අහනකොට හිනා යනවා. මේක පට්ට ආතල් රසවත් කතා.මේවා තමයි මම මේ දවස්වල පෙරල පෙරලා බලන්නේ. මේක ශරිර සෞඛ්‍යයටත් හොඳයි.

රතු ඉර – අද්භූත බලවේිගයක් ක්‍රියාත්මක වෙලා ඔබතුමාට වර තුනක් ලැබෙනවා. ඉතිං ඔබ තුමා ඉල්ලන වර තුන මොකද්ද?

තිස්ස අත්තනායක මහතා

ආණ්ඩුවේ ජනපති සහ මැති ඇමතිවරු සිංහ සේයියාවෙන් කටයුතු කරන බව කියමින් නිදියනවා. බුදියනවා. මේ අය රැවටිලා ජනතාව රටටන්නට කටයුතු කරනවා. මේ නිසා මේ බොරු සිංහ සෙයියාවෙන් මර නින්දේ සිටින ආණ්ඩුව අවදි කරන්න කියලා වරයක් ඉල්ලනවා.

ජනතාව රවටන්නට කටයුතු කළා. ඉඩම් වාහන ගන්නේනෑ කීවා. නමුත් සියලුම සම්පත් බුක්ති විදිනවා. මේ නිසා ජනතාවගෙන් ගසා කා ගත් නිවාස දේපල සියල්ලම අතුරුදන් වෙන්න කියලා වරයක් ඉල්ලනවා.

ජනතාවට බොරු කියපු මැති ඇමතිවරන්ගේ පය පැටලී ලිස්සා වැටෙන්න කියලා මම වරයක් ඉල්ලනවා.

රතු ඉර- ඔබතුමාට  මහා නිධානයක් ලැබෙනවා. සල්ලි ගොඩාරියක්. මොනවද කරන්නේ ඒ් සල්ලි වලින්?

තිස්ස අත්තනායක මහතා

මම ඒ් සියලුම මුදල් සල්ලි ධනය අනුරගේ ආණ්ඩුවට දෙනවා. ගෙවල් දොරවල් නැති ජනපති ඇතුලු සියලුම මැති ඇමතිවරුන්ට දියවන්නා ඔයේ පාවෙන අංග සම්පුරණ වහලවල් නැති නිවාස සකස් කර දෙනවා.

රට හදන්න මොලේ පැදේන්න රෑට අහසේ තරු ගනින්න හැකි පරිදි වහලවල් නැති නිවාස හදා දෙන්න හැකි වරයක් ඉල්ලනවා.

රතුඉර – දැන් මේ රට පාලනය කළ කරන්න ඉන්න පක්ෂ නායකයෝ ගොඩක් ඉන්නවා. ඔයා ආදරේ කරන නායකයා කව්ද?

තිස්ස අත්තනායක මහතා

මම කැමැතිම නායකයා අනුර කුමාර දිසානයක ජනපති තුමාට. ඒ්තුමා කරන වැඩ දැක්කම වසර 5 ක් ම මෙතුමා රට කරනවා කියලා දැක්කම මම හරිම ආසයි. කැමැතියි. ඒතුමාට ඒතු මා දක්ෂ පාලකයෙක්. ලස්සනට  නා ගන්වා වාගේ ම අනා ගන්වා වාගෙම මේවැනි අරුම  පුදුම නායකයෙක් මම ලෝකෙත් ම දැකලා ම නෑ. මේ නිසා මම ඒතුමාට මම කැමැතියි.ආදරෙයි ගරු කරනවා.

ඇයි මේ නායකයා කරන සියලුම වැඩ නිසා සජිත් ප්‍රේමදාස මැතිතුමා ඊලඟ ජනාපතිවරණයෙන් මේ රටේ ජනපති කරන්න කටයුතු කරන ආණ්ඩුවේ සිටිම කටයුතු  කරන අනුර  ජනපතිට මම ආදරෙයි. කැමැතියි.

රතුඉර-

ග්‍රහ ලෝකකට ඒන්න කියලා පිටසක්වල ජීවියෝ ඒන්න කියනවා. ඔඔ තුමා යන්න ආස මොන ග්‍රහලෝකයටද ? කාවද අරගෙන යන්නේ තනියට පිට් පොරක් ඉන්නව ද?

තිස්ස අත්තනායක මහතා

මම යන්න කැමැතියි අගහරු ලෝකයට. හැබැයි මගේ තනියට මම ඒක් කරගෙන යන්නේ සුනිල් හදුන්නෙත්ති අපේ තුන්කල් දකින ඇමතිතමා.

ඒතුමා තමයි. මේ රටේ ඊලඟ විපක්ෂයේ නායකායා. විපක්ෂ නායකයා. ඒතුමාට හැකියි භාෂා පරිවර්තනය කරන්න. කවර භාෂාවක් උනත් බයිලාවලට හරවන්න ඔහුට හැනියි. මේ නිසා මම සුනිල් හදුන්නෙත්ති ඇමතිතුමා සමඟ අගහරුලෝකයේ සංචාරයකට යන්න කැමැති.

රතුඉර –

අපි කව්රුත් හැමදාම ජිවත් වේනේ නෑ. මැරෙනවා. මරුනට පස්සේ යන්න ආස දිව්‍ය ලෝකයට ද ? බ්‍රක්ම ලෝකට ද ? අපායට ද? නැතන්ම වෙනත් ලෝකයට ද ලංකාවේම ඉපදෙන්න ද ?

තිස්ස අත්තනායක මහතා

මම ලංකාවේම ඉපදෙන්න කැමැතියි. ඇයි මේ ආණ්ඩුව කරන වැඩ බලන්න මම ආසයි මේ අය පරාදවෙලා කෙදිරි ගගා ඉන්වා බලන්න. කැමැතියි. මේ නිසා මම මැරුනත් යළි ඉපදෙන්න කැමැති ලංකාවේම තමයි. ආයේ දෙකක් නෑ. මම ඉපදෙන්නේ ලංකාවෙම තමයි.

රතුඉර- ජනතාවට යමක් කියන්න තියනවාද?

තිස්ස අත්තනායක මහතා

රටම අරාජික වෙලා. රටම අරාජිත කළ මේ ආණ්ඩුව ගැන ජනතාව කල කිරිලා තියනවා. ආණ්ඩුව ගැන ජනතව වාගෙම විදෙස් රටවල්ද කලකිරිලා සිටිනවා. රට ගැන තියන විදෙස් ආකල්පය යහපත් නෑ.

මේ නිසා රට ගොඩ නගන රටේ කිර්තිය ඇති කරන වැඩ සටහනකට අපි ගමන් කරනවා. සැලසුම් දැන්මම සකස් කර තියනවා. ජනතාවට අපි වග කියනවා. හොර බොරු නෑ. ජනතාවට නිදහස් රටක් සමඟියෙන් සිටිය හැකි අලුත් රටක් හදන්න අපි කටයුතු කරනවා.

Share.
Leave A Reply