රතුඉර – ඔබතුමාගේ විනෝදාංශය මොකද්ද?
අනුර කුමාර තෙන්නකෝන්
ජනතාවට සේවය කරන විනෝදාංශය තමයි මම කරන්නේ . මේ දිවනවල වැඩිහිටියන් ගේ තැනිකම පාලුව නැති කරනන ඒ් අයට මනසු සුවපත් කරන කලා කටයුතු රැසක් සිදු කරනවා.
මගේ ප්‍රධාන විනෝදාංශය වන්නේ සිනා සීම මේ ආණ්ඩුවේ ජනපති අනුර ඇතුලු මැති ඇමති වරු කරන කියන දේවල් ඇහුවම මට හිනා යනවා මේ නිසා මම මේ දිවස්වල ආණ්ඩුවත් ඒක්ක හරි හරියට හිනා වෙවි තමයි ඉන්නේ.
රතුඉර – අද්භූත බලවේිගයක් ක්‍රියාත්මක වෙලා ඔබතුමාට වර තුනක් ලැබෙනවා. ඉතිං ඔබ තුමා ඉල්ලන වර තුන මොකද්ද?
අනුර කුමාර තෙන්නකෝන්
මම ඉල්ලන පළමු වරය තමයි බොරුකියන ජනපති හා අගුමැති මැති ඇමතිවරුන්ගේ දිව දික්වෙන්න කියලා.
මාලිමාවේ ජනපති මැති ඇමතිවරු ටියුෂන් දෙන්න මට හැකියි මගේ පෞද්ගලික ටියුෂන් පංතියට මේ අයට ඒන්න හැකිවෙන්න කියලා මම පතනවා ඉල්ලනවා.
ගොවියන්ට කරන අපහාසය නිසා ජනපති අනුර ඇතුලසියලුම මැති ඇමති වරන්ට බත් කන්න බැරි වෙන්න ඒපා වෙන්න කියලා මම වරමක් ඉල්ලනවා.
රතුඉර – ග්‍රහ ලෝකකට ඒන්න කියලා පිටසක්වල ජීවියෝ ඒන්න කියනවා. ඔඔ තුමා තුමිය යන්න ආස මොන ග්රහලෝකයටද?
අනුර කුමාර තෙන්නකෝන්
මම හාස හදට යන්න තමයි. මේ අනුර කුමා හදට යන්න තමයි කැමැති . හැබැයි තනියම නොවෙයි. මාලිමා ආණ්ඩුවේ සිටින සියලුම කාන්තා මැති ඇමති වරියන් සමඟ හදට ගිහින් ලෝකයටම විශ්වයටම ඇහෙන්නේ හදේ ඉඳන් “අද මුළු රට, එක මිටකට, සුබ නැකතට, රට අනුරට” යන ගීතය කවියක් කර ග්‍රහ ලෝකවල සියලුම මාධ්‍ය ආයතනව සිංහල භාෂාවෙන් ප්‍රචාරය කරනවා.
රතුඉර –
දැන් මේ රට පාලනය කළ කරන්න ඉන්න පක්ෂ නායකයෝ ගොඩක් ඉන්නවා. ඔයා ආදරේ කරන නායකයා කව්ද?
අනුර කුමාර තෙන්නකෝන්
මම අපේ නායකතුමා සජිත්ට වඩා අනුර කුමාර ජනපති තුමාට ආදරෙයි. කැමැතියි. ඇයි ද ? දන්නවා ද? අනුර කුමාර අපේ සජිත් නායක තුමාට ඊලඟට බලය ගන්න හැකි පරිදි රට පාලනය කරනවා. මේ නිසා මම සජිත්ට වඩා අනුරට ආදරෙයි.
රතුඉර- ඹබතුමාට මහා නිධානයක් ලැබෙනවා. සල්ලි ගොඩාරියක් මොනවද කරන්නේ ඒ් සල්ලි වලින්….
අනුර කුමාර තෙන්නකෝන්
ආණ්ඩුවේ මැති ඇමතිවරු හරිම දුප්පත් වැටප් ගන්නේ නැතුව ජනතාවට සේවය කරනවා. අනික ඉන්න හිටන්නට තැනක් හෝ නැ. ගෙවල් දොරවල්ද නෑ.
මම මගේ වියදමින් සියලුම දියවන්නාවේ මැති ඇමතිවරුන්ට සරිලන පරිදි ඉදිරියෙන් හා පිටු පසින් සිදුරු සහිත යට ඇඳුම් හා ජංගී නැවක්ම පිටරටින් ආනයනය කර ලබා දෙනවා.
රතුඉර – මොනවද මේ රටේ ජනතාවට කියන්න තියෙන්නේ.
අනුර කුමාර තෙන්නකෝන්
සජිත් සමඟ අලුත් ගමනක් යන්නට අපි සමඟ සහයෝගයෙන් ඒන්න කියලා කියනවා. ආණ්ඩුවට විරුද්ධව අපි දැන් සිදුකරන අරගලවලට ජනතාව ලබා දෙන සහයෝගය අගය කරනවා.
අපේ පැත්තේ වඳුරෝ රිලව් වගා බිම් විනාශ බකරනවා. මේ වදුරෝ රිලව් අපි අල්ලලා ජනපති මන්දරයට හා අරලියගහ මන්දිරයට ගෙනත් දාන්න තමයි අපි කල්පන කරන්නේ. ලාල් කාන්තයි, නාමල් කරුණාරත්තනයි ඉල්ලනවා. නමුත් අපි අල්ලන මේ සත්තු අරලිය ගහ මන්දිරයට හා ජනපති මන්දිරයට තමයි සුදුසු. රිලවුන් වඳුරන් කැමතියි මේ මන්දිරවල යන්න …හිනා….

