ශ්‍රී ලංකාවේ පළාත් පාලන පද්ධතිය වඩාත් කාර්යක්ෂම, යහපාලන ප්‍රතිපත්තිවලට ගරු කරන සහ ජනතා අවශ්‍යතාවලට කඩිනමින් සහය වන එකක් බවට පත් කිරීමේ දැවැන්ත පියවරක් අද තැබේ.

පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ (SLILG) 2026-2030 උපායමාර්ගික සැලැස්ම එළිදැක්වීම, පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ වැඩබලන ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් Ruth Baird මහත්මියගේ සහභාගීත්වයෙන් අද පස්වරු 2.00 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ. 

IFES සහ ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන මෙම පස්අවුරුදු සැලැස්ම, යහපාලනය, ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවය සහ ප්‍රජා සවිබලගැන්වීම උදෙසා වන ශක්තිමත් මාර්ග සිතියමකි.

Share.
Leave A Reply