මීගමුව:
මීගමුව බන්ධනාගාරය තුළ අද (06) උදෑසන රැඳවියන් පිරිසක් විසින් සංවිධානාත්මකව එල්ල කරන ලද දරුණු ප්‍රහාරයක් හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු පුද්ගලයන් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
ඊයේ (05) රාත්‍රියේ හටගත් නොසන්සුන්තාව මැදියම් රැය වන විට පාලනය කර තිබූ පසුබිමක, බන්ධනාගාරයේ පාලනය නතු කර ගැනීමට රැඳවියන් දැරූ මෙම උත්සාහයත් සමඟ අද උදෑසන ගැටුම නැවත වරක් අනපේක්ෂිත ලෙස පුපුරා ගොස් ඇත. තත්ත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශවලට වෙඩි තැබීමට ද සිදුව ඇති අතර, මෙම ලේවැකි ගැටුමෙන් මේ වන විට 100කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ.
මීගමුව රෝහල ප්‍රකාශ කළේ, මියගිය සහ තුවාල ලැබූ ඇතැම් පුද්ගලයන්ගේ සිරුරුවල දරුණු වෙඩි ප්‍රහාර තුවාල දක්නට ලැබෙන බවයි. තත්ත්වය තවදුරටත් උත්සන්න වීම වැළැක්වීම සඳහා මේ වන විට බන්ධනාගාරය වෙත අතිරේක ආරක්ෂක බලඇණි කැඳවා ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කර ඇත.
