හිටපු අමාත්‍ය, ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ, දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඔහුගේ පුත් රඛිත රාජපක්ෂ ඇතුළු පවුලේ සමීපතමයන් සහ හිතවතුන් උපයා ඇති සියලුම දේපල සහ වත්කම් සම්බන්ධයෙන් වහාම විධිමත් විමර්ශනයක් ආරම්භ කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් (CID) නිල වශයෙන් ඉල්ලීමක් කර තිබේ.
‘අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානය විසින් අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ විමර්ශන කොට්ඨාශයේ අධ්යක්ෂවරයා වෙත අද දින (ජූලි 03) මෙම බරපතළ පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
රටම කැළඹූ චෝදනා ද්විත්වයසමාජය තුළ දැඩි කතාබහක් සහ සැකයක් මතු කර ඇති ප්‍රධාන කරුණු දෙකක් මුල් කරගනිමින් මෙම පැමිණිල්ල සිදු කර තිබේ:
පාතාල සබඳතා සහ කෝටි 12ක අල්ලස: දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රඛිත රාජපක්ෂට, මෙරට ප්‍රකට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘හරක් කටා’ නැමැත්තාගෙන් රුපියල් කෝටි 12ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බවට බරපතළ චෝදනාවක් එල්ල වී තිබීම. දි
නේෂ් සාෆ්ටර්ගේ මරණය සහ බිලියන 02ක ණය මුදල: ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් සාෆ්ටර් මහතාගේ අභිරහස් මරණයට හේතුව, රුපියල් බිලියන 02 ක ව්‍යාපෘතියක් සඳහා ලබාගත් ණය මුදලක් නැවත නොගෙවා සිටීමේ සිදුවීමක් බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන චෝදනා. නීති විරෝධී දේපල රාජසන්තක කරන්න!මෙම සිදුවීම් හේතුවෙන් විජේදාස රාජපක්ෂ සහ රඛිත රාජපක්ෂ යන මහත්වරුන් උපයා ඇති ධනයේ නීත්‍යානුකූලභාවය පිළිබඳව සමාජය තුළ දැඩි ප්‍රශ්නාර්ථයක් මතු වී ඇති බව එම සංවිධානය පෙන්වා දෙයි. එබැවින් මොවුන් සතු ඉඩකඩම්, ගොඩනැගිලි, යාන වාහන, මිල මුදල් මෙන්ම ඔවුන්ගේ කිට්ටු ඥාතීන් සහ හිතමිතුරන්ගේ දේපල ද වහාම විමර්ශනයට ලක් කළ යුතු බව එම පැමිණිල්ලේ සඳහන් වේ.
එම දේපල නීති විරෝධී ලෙස උපයා ඇති බව තහවුරු වුවහොත්, ඒවා වහාම රාජසන්තක කර අදාළ පුද්ගලයන්ට දැඩි දඬුවම් ලබා දීමට පියවර ගන්නා ලෙස ‘අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර මහතා ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටී. මෙම පැමිණිල්ලත් සමඟ දේශපාලන හා ආරක්ෂක ක්ෂේත්රය තුළ ඉදිරියේදී දැඩි උණුසුම්කාරී තත්ත්වයක් නිර්මාණය වනු ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.

