ලන්ඩන් සාමිවරුන්ගේ ලංකා තීන්දුව අවසන් කළ 1971 නෛතික විප්ලවය!

කොඩිය එසවුවත් අපේ යුක්තිය ලන්ඩනයේ උසාවි වැදුණු අතීතය සහ ප්‍රිවි කවුන්සිලයේ අවසානය.

නීතිමය වහල්භාවයෙන් මිදුණු මඟ: ප්‍රිවි කවුන්සිලයේ ආධිපත්‍යය බිඳ දැමූ 1971 අංක 44 පනත වේ.

බ්‍රිතාන්‍ය කිරීටයෙන් මිදී අධිකරණ ස්වෛරීභාවය දිනාගත් ඓතිහාසික විප්ලවය1948 නිදහසින් පසුත් ලංකාවේ ඉරණම තීන්දු කළ ලන්ඩනයේ ප්‍රිවි කවුන්සිලය නිහඬ කළ “1971 අංක 44 දරන පනතේ” ඇතුළාන්තය.

1948 පෙබරවාරි 4 වැනිදා ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලැබුණු බව අප පාසල් පොතේ කියවූ මුත්, සැබෑ අධිකරණමය සහ ව්‍යවස්ථාපිත ස්වෛරීභාවය රට තුළ තහවුරු කර ගැනීමට තවත් දශක දෙකකට අධික කාලයක් බලා සිටීමට සිදු වූ බව ඔබ දන්නවාද? නිදහස් නිවහල් දේශයක් ලෙස පෙනී සිටියද, අප රටේ අවසන් සහ උත්තරීතර නීතිමය තීන්දුව ප්‍රකාශ කිරීමේ බලය පැවතියේ ලන්ඩනයේ පිහිටි ප්‍රිවි කවුන්සිලය සතුවය.

ශ්‍රී ලංකාව ව්‍යවස්ථාපිත වහල්භාවයෙන් මිදී පූර්ණ ස්වෛරී රාජ්‍යයක් කරා ගිය අසිරිමත් ගමන් මග පිළිබඳව මේ සටහන අගනේ ය.

නිදහසේ නාමික සළුපිළි සහ පරමාධිකාරී බලයේ රැහැන් පටවල්ලංකාව 1948 පෙබරවාරි 4 දින ඩොමීනියන් තත්ත්වය සහිත නිදහස ලබා ගැනීමෙන් පසුවද, ව්‍යවස්ථාපිත ක්‍රියාවලිය තුළ බ්‍රිතාන්‍ය කිරීටයට තිබූ පක්ෂපාතීත්වය තවදුරටත් පවත්වාගෙන ගියේය. මෙහි සෘජු ප්‍රතිඵලයක් ලෙස රටේ අවසාන අභියාචනාධිකරණය ලෙස ක්‍රියා කළේ ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය නොව, එක්සත් රාජධානියේ ප්‍රිවි කවුන්සිලයේ අධිකරණ කමිටුවයි (Judicial Committee of the Privy Council – JCPC). අපේ රටේ මිනිසුන්ගේ ජීවිත සහ දේපළ පිළිබඳ අවසන් තීරණය ගැනීමේ බලය පැවතියේ දේශීය සභ්‍යත්වයෙන් සහ සංස්කෘතියෙන් බැහැර වූ ලන්ඩන් නුවර සාමිවරුන් අතෙහිය.

“ඉබ්‍රාලෙබ්බේ එදිරිව රජින” – නිදහසේ නිරුවත හෙළි කළ නෛතික සංග්‍රාමයයටත්විජිත පාලනයෙන් නිදහස් වීමෙන් පසුවද බ්‍රිතාන්‍ය කිරීටය සතු වූ මෙම අභියාචනා බලයේ නීතිමය ස්වභාවය කුමක්ද යන්න රට හමුවේ දැඩි කතාබහකට ලක්විය.

මෙම ගැටලුව සවිස්තරාත්මකව විග්‍රහයට ලක්වූයේ ඓතිහාසික ඉබ්‍රාලෙබ්බේ එදිරිව රජින (Ibralebbe v. The Queen) නඩුවේදීය. එහි දී ප්‍රිවි කවුන්සිලය විසින් ඉතාම පැහැදිලි තීන්දුවක් ලබා දෙමින් ප්‍රකාශ කළේ ලංකාවට නිදහස ලබාදීමේ ව්‍යවස්ථාපිත ලියකියවිලි (Solbury Constitution) මඟින් නිදහසට පෙර පැවති රාජකීය අභියාචනා ඇසීමේ පරමාධිකාරී බලය (Royal Prerogative of Appeal) ස්වයංක්‍රීයව අහෝසි නොවන බවයි.

ස්වෛරී දේශීය පාර්ලිමේන්තුවක් විසින් නිශ්චිත ව්‍යවස්ථාපිත පනතක් සම්මත කර එය අහෝසි කරන තෙක් ප්‍රිවි කවුන්සිලය ලංකාවේ අවසාන අභියාචනාධිකරණය ලෙස නීත්‍යානුකූලව පවතින බව මෙහිදී තහවුරු විය.

මෙමඟින් පැහැදිලි වූයේ නිදහස ලැබුණද අප තවමත් ව්‍යවස්ථාපිතව බ්‍රිතාන්‍යයට ගැතිව සිටි බවයි.

1971 අංක 44 පනත: ව්‍යවස්ථාපිත වහල්භාවයට තැබූ තිතනාමික නිදහසින් සැබෑ දේශීය ස්වෛරීභාවය සම්පූර්ණ කිරීමේ අභියෝගය භාරගනු ලැබුවේ 1970 මහා මැතිවරණයෙන් බලයට පත් වූ සමගි පෙරමුණු රජය විසිනි. බ්‍රිතාන්‍ය කිරීටයේ අවසන් බැඳීම් ද කපා හැරීමේ අරමුණින් ඔවුන් විසින් 1971 අංක 44 දරන අභියාචනාධිකරණ පනත (Court of Appeal Act No. 44 of 1971) සම්මත කරන ලදී.

අනුමත වූ දිනය: 1971 ඔක්තෝබර් 28ක්‍රියාත්මක වූ දිනය: 1971 නොවැම්බර් 15මෙම ඓතිහාසික පනත මඟින් බ්‍රිතාන්‍ය මහ රැජිනගේ ප්‍රිවි කවුන්සිලය වෙත ඉදිරිපත් කරන සියලුම සිවිල් සහ අපරාධ අභියාචනා නිල වශයෙන් අහෝසි කර, ලංකාව තුළම ක්‍රියාත්මක වන ස්වාධීන නව අභියාචනාධිකරණයක් ස්ථාපිත කරන ලදී.

මෙය 1972 දී ලංකාව ජනරජයක් බවට පත්වෙමින් පූර්ණ නිදහස ලබා ගැනීමට තැබූ දැවැන්තම පදනම විය.

පොදුරාජ්‍ය මණ්ඩලීය ප්‍රවණතාව සහ ලංකාවේ භූමිකාවප්‍රිවි කවුන්සිලයේ අධිකරණ බල සීමාවෙන් මිදීමට කටයුතු කළේ ලංකාව පමණක් නොවේ. පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් රැසක්ම සිය ජාතික අභිමානය සහ ස්වෛරීභාවය උදෙසා මෙම පියවර ගත්හ. ලෝක සිතියමේ අනෙකුත් රටවල් ප්‍රිවි කවුන්සිලය අහෝසි කළ ආකාරය පිළිබඳ සංසන්දනාත්මක විශ්ලේෂණයක් පහතින් දැක්වේ:

රට (Country)වර්ෂයඅහෝසි කළ ව්‍යවස්ථාපිත පනතනව අවසාන අභියාචනාධිකරණයඅයර්ලන්තය1933Constitution (Amendment No. 22) Act 1933අයර්ලන්ත ශ්‍රේෂ්ඨාධිකරණයකැනඩාව1949An Act to Amend the Supreme Court Act, S.C. 1949கැනඩා ශ්‍රේෂ්ඨාධිකරණයඉන්දියාව1949Abolition of Privy Council Jurisdiction Act, 1949ඉන්දීය ෆෙඩරල් උසාවිය (පසුව ශ්‍රේෂ්ඨාධිකරණය)දකුණු අප්‍රිකාව1950Privy Council Appeals Act, 1950ශ්‍රේෂ්ඨාධිකරණ අභියාචනා අංශයපාකිස්ථානය1950Privy Council (Abolition of Jurisdiction) Act, 1950පාකිස්ථාන ෆෙඩරල් උසාවියලංකාව (ශ්‍රී ලංකාව)1971Court of Appeal Act No. 44 of 1971ලංකා අභියාචනාධිකරණයමැලේසියාව1985Courts of Judicature (Amendment) Act 1984මැලේසියානු ශ්‍රේෂ්ඨාධිකරණයනවසීලන්තය2004Supreme Court Act 2003නවසීලන්ත ශ්‍රේෂ්ඨාධිකරණය

අතීතයෙන් ගත යුතු පාඩම කුමක් ද ? මෙය ඉතාම පැහැදිලිය.

මෙම නෛතික ඉතිහාසය දෙස හැරී බලන විට පැහැදිලි වන්නේ නිදහස යනු හුදෙක් කොඩියක් එසවීම හෝ උත්සව පැවැත්වීම පමණක් නොවන බවයි.

එය රටක නීතිය, අධිකරණය සහ ව්‍යවස්ථාව දේශීය ජනතාවගේ පරමාධිකාරීත්වයට යටත් කිරීමකි. 1971 දී ප්‍රිවි කවුන්සිලයට තැබූ තිත, ශ්‍රී ලාංකීය අධිකරණ ක්ෂේත්‍රයේ රන් අකුරින් ලියැවුණු නිදහස් සටනක් ලෙස හැඳින්වීම නිවැරදිය. සුමිත් කොඩිතුවක්කු ලියන මෙම කතාන්දරයේ තවත් කොටසක් සමඟ හමු වෙමු.

Share.
Leave A Reply