“හොරු අල්ලනවා කියා බලයට ආව ආණ්ඩුව, අද වන විට හොරකම් වහන තැනට වැටිලා” යැයි පවසමින් සජබ දිවුලපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී සංජීව ධම්මික මහතා රජයට සහ පළාත් පාලන ආයතනවලට එරෙහිව දැඩි ප්‍රහාරයක් එල්ල කරයි. ඒ, දිවුලපිටිය ප්‍රාදේශීය සභා බලප්‍රදේශය තුළ සිදුව ඇතැයි කියන මහා පරිමාණ නීතිවිරෝධී ඉඩම් වෙන්දේසි ජාවාරමක තොරතුරු හෙළි කරමිනි.මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ජනතා අයිතිවාසිකම් සහ නීතිය යටගැසීමට ප්‍රාදේශීය සභාවේ ඇතැම් බලධාරීන් ව්‍යාපාරිකයන් සමඟ අතවැල් බැඳගෙන සිටින බවයි.

“කා වෙනුවෙන්ද මේ ප්‍රමාදය?” – ව්‍යාපාරික බලපෑම් හෙළිවෙයිමෙම සිදුවීම සරල පරිපාලන ප්‍රමාදයක් නොවන බව පවසන සංජීව ධම්මික මහතා, මෙහි පිටුපස සිටින කළු සල්ලි හිමියන් සහ දේශපාලන සබඳතා පිළිබඳව ප්‍රශ්න කර සිටියි.”අද ප්‍රශ්නය වන්නේ – මේ ප්‍රමාදය කා වෙනුවෙන්ද? කා රැකීමටද? ව්‍යාපාරික බලපෑම් තිබෙනවාද? එවැනි සබඳතා මත ජනතා තොරතුරු සඟවනවාද? මේවාට පැහැදිලි පිළිතුරු සභාවටත් ජනතාවටත් දිය යුතුයි.

“නිසි රාජ්‍ය අනුමැතියකින් තොරව, වෙන්දේසි වතු ලෙස කැබලි කර විකුණන ඉඩම් මිලදී ගන්නා අහිංසක පාරිභෝගිකයන් අනාගතයේදී දැඩි නීතිමය ගැටලුවලට සහ දේපළ අහිමිවීම්වලට මුහුණ දෙන බව හෙතෙම පෙන්වා දෙයි. රාජ්‍ය නිලධාරීන් මෙම තොරතුරු වසන් කරන්නේ අදාළ සමාගම්වලින් ලැබෙන වරප්‍රසාද නිසාද යන්න පිළිබඳවද සැකයක් මතුවේ.

අවසාන අනතුරු ඇඟවීම”අපි ඉල්ලන්නේ සරල දෙයක් – සත්‍යය” යැයි පවසන මන්ත්‍රීවරයා, ජනතා දේපළ සහ අයිතිවාසිකම් කුමන බලපෑමක් හමුවේ වුවද පාවා නොදෙන බවත්, ඉදිරි දින කිහිපය තුළ මේ පිළිබඳව නිසි පිළිතුරක් නොලැබුණහොත් නීතිමය ක්‍රියාමාර්ග සහ දැඩි මහජන විරෝධතා දියත් කරන බවත් අවධාරණය කළේය.

Share.
Leave A Reply