ලංකාවේ සමස්ත ගෘහ සේවක ප්‍රජාවෙන් 82%කටත් වඩා වැඩි පිරිසක් කාන්තාවන් වුවද, ඔවුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් තවමත් පාලනය වන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී සමයේ පනවන ලද සියවසකට වඩා පැරණි නීතිවලින් බව අනාවරණය වේ.

ජුනි 16 වනදාට යෙදෙන ජාත්‍යන්තර ගෘහ සේවක දිනය නිමිත්තෙන් මෙරට ගෘහ සේවයේ වත්මන් තත්ත්වය පිළිබඳව සිදුකළ විමර්ශනයකදී මේ බව හෙළි විය.

පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන්, හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන්ගේ නිවසේදී මියගිය “ඉෂාලිනි දැරියගේ ඛේදවාචකය” සමඟ මෙරට ගෘහ සේවිකාවන් මුහුණ දෙන අනාරක්ෂිතභාවය සහ සූරාකෑම පිළිබඳ කතිකාව දැඩි ලෙස සමාජගත විය.සංඛ්‍යාලේඛන පවසන අමිහිරි ඇත්තමෙරට ගෘහ සේවක ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අවසන් වරට නිල සංගණනයක් සිදු කර ඇත්තේ 2016 වසරේදීය.

එම දත්තයන්ට අනුව ක්ෂේත්‍රයේ ව්‍යුහය සංඛ්‍යාව සහ ප්‍රතිශතයසමස්ත ගෘහ සේවක සංඛ්‍යාව 80,000 ක් පමණ කාන්තා දායකත්වය 66,000 ක් (82.5%) පිරිමි දායකත්වය 14,000 ක් (17.5%)මෙම දත්තයන්ට අනුව පැහැදිලි වන්නේ මෙරට ගෘහ සේවය යනු සෘජුවම කාන්තා ශ්‍රම බලකාය මත යැපෙන, එහෙත් නීතිමය රැකවරණයක් නොමැති අවදානම් සහගත කලාපයක් බවයි.

මෙම ලක්ෂ සංඛ්‍යාත කාන්තාවන්ගේ ශ්‍රමය නිසා රටේ සෙසු ජනතාවට අධ්‍යාපන, වෘත්තීය සහ ආර්ථික කටයුතුවල නිරත වීමට අවස්ථාව ලැබී තිබේ.ඩිජිටල් යුගයට නොගැළපෙන “යටත්විජිත නීති”ලෝකය තාක්ෂණයෙන් සහ මානව හිමිකම් අතින් ඉදිරියට ගොස් තිබුණද ශ්‍රී ලංකාවේ ගෘහ සේවකයන් පාලනය කිරීම සඳහා අදටත් භාවිත කරන්නේ:1871 අංක 28 දරන ගෘහ සේවක ආඥා පනත (අවසන් වරට සංශෝධනය කර ඇත්තේ 1936 වසරේදීය – වසර 90කට පෙර).1912 රියදුරු (චෝෆර්) ආඥා පනත (Chauffeurs’ Ordinance).

නිදහසටත් පෙර පනවන ලද මෙම යල් පැනගිය ආඥා පනත් මඟින් වර්තමාන සේවකයන් මුහුණ දෙන මානසික, කායික හෝ සේවා ස්ථානීය හිංසනයන් වැළැක්වීමට හෝ ඔවුන්ට සාධාරණ වැටුපක්, සමාජ ආරක්ෂණයක් (EPF/ETF) ලබා දීමට ප්‍රතිපාදන සලසා නැත.රජයෙන් කඩිනම් නීති සංශෝධනයක්මෙම බරපතල නීතිමය හිඩැස පියවීම සඳහා වත්මන් රජය විසින් කඩිනම් පියවර ගනිමින් සිටී.

ඒ අනුව, කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුතු විද්වත් කමිටුවක් මේ වන විටත් පත් කර ඇති අතර, ඔවුන් හරහා නූතනත්වයට ගැළපෙන පරිදි කම්කරු අණපනත් සංශෝධනය කිරීමට නියමිතය.

ගෘහ සේවය ද නිල වශයෙන් පිළිගත් රැකියාවක් ලෙස නීතිගත කිරීම සහ ඉන් අනතුරුව, ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) විසින් සම්මත කරන ලද ගෘහ සේවකයින් පිළිබඳ අංක 189 සම්මුතිය ශ්‍රී ලංකාව තුළ අපරානුමත කිරීම රජයේ මීළඟ ප්‍රධාන අපේක්ෂාවයි.

මෙවර ජාත්‍යන්තර ගෘහ සේවක දිනය “සෑම ගෘහ සේවකයෙකුටම ගෞරවය, ආරක්ෂාව සහ යහපත් රැකියාවක්” යන තේමාව යටතේ සමරන අතරතුර, මෙරට ලක්ෂ සංඛ්‍යාත ගෘහ සේවිකාවන් වෙනුවෙන් සූරාකෑමෙන් තොර සේවා පරිසරයක් නිර්මාණය කිරීම සමස්ත සමාජයේම වගකීමක් බව වෘත්තීය සමිති පෙන්වා දෙයි.

Share.
Leave A Reply