ක්ෂේත්රයේ පවතින ගැටලුවලට විසඳුම් ලෙස රජය මැදිහත් වන ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ද ප්‍රකාශ කළාය.
ආර්ථික වශයෙන් රට නව පරිවර්තනයක් කරා ගමන් කරන තීරණාත්මක මොහොතක, බේකරි කර්මාන්තය හුදෙක් පිටි ආශ්රිත නිෂ්පාදනවලට පමණක් සීමා නොකර රටේ ආර්ථිකයේ ප්‍රධාන බලවේගයක් බවට පත් කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.
කොළඹ ශැන්ග්‍රිලා හෝටලයේදී පැවැති සමස්ත ලංකා බේකරි හිමියන්ගේ වාර්ෂික සමුළුව අමතමින් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ, බේකරි නිෂ්පාදන සඳහා දේශීය කාබනික කෘෂි නිෂ්පාදන භාවිත කිරීම දේශීය ගොවියා ශක්තිමත් කිරීමට මෙන්ම සංචාරක කර්මාන්තයේ ප්‍රගතියට ද ලැබෙන මහා පිටුවහලක් වන බවයි.
ආහාර නිෂ්පාදනයක මූලික පදනම විය යුත්තේ ගුණාත්මකභාවය සහ සෞඛ්යාරක්ෂිත බව බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, රසයට පමණක් මුල්තැන නොදී කෘත්‍රිම රසකාරක සහ වර්ණකවලින් තොර, පෝෂණ ගුණයෙන් ඉහළ සෞඛ්‍ය සම්පන්න නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වා දීමට කටයුතු කළ යුතු බව ද සඳහන් කළාය.
“සහල් පිටි, කුරක්කන්, මෙනේරි, මුං ඇට සහ දේශීය අල වර්ග වැනි අමුද්‍රව්‍ය භාවිත කරමින් අගය එකතු කළ (Value-added) නව නිෂ්පාදන නිර්මාණය කිරීම හරහා ගෝලීය වශයෙන් පවතින ‘සෞඛ්‍ය සම්පන්න ආහාර’ (Health-conscious diet) ප්‍රවණතාවය ජය ගැනීමට අපේ බේකරි කර්මාන්තයට විශාල හැකියාවක් තිබෙනවා. විදේශීය සංචාරකයන්ට සපයන ආහාර සඳහා මෙවැනි දේශීය කාබනික නිෂ්පාදන භාවිත කිරීමෙන් සංචාරක කර්මාන්තයට අලුත් පණක් දිය හැකියි.”
ආනයන ගැටලු ලිහිල් කිරීම: අමුද්‍රව්‍ය ආනයනයේදී පවතින බාධා අවම කිරීම.
මූල්‍ය සහ තාක්ෂණික සහාය: නව තාක්ෂණය වැළඳගැනීම සඳහා සහනදායී ණය පහසුකම් සැපයීම සහ ජාත්‍යන්තර ප්රමිතීන් සහතික කර ගැනීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීම.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නැංවීම: කුඩා හා මධ්‍ය පරිමාණ බේකරි හිමියන්ගේ ව්‍යාපාර දියුණු කිරීම සඳහා අවශ්‍ය පුහුණුව සහ වෙළඳපොළ සම්බන්ධතා ඇති කිරීමට කර්මාන්ත අමාත්‍යංශය හරහා දැනටමත් වැඩසටහන් දියත් කර තිබීම.
මෙම අවස්ථාවට කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන යන මහත්වරුන් ඇතුළු සංගමයේ සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

