කොළඹ: සර්වජන බලය පක්ෂයේ කාන්තා අංශය වන “ලිය බල” සංවිධානයේ ගම්පහ දිස්ත්‍රික් ආසන සංවිධායකවරියන් 18 දෙනෙකු සහ නව මාධ්‍ය ලේකම්වරිය සඳහා පත්වීම් ප්‍රදානය කිරීම පක්ෂ මූලස්ථානයේදී සිදු කෙරිණි. සර්වජන බලය නායක දිලිත් ජයවීර මහතා සහ ලියබල සභාපතිනි අනුරාධා යහම්පත් මැතිනියගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

වත්මන් ආර්ථික හා දේශපාලන අර්බුද හමුවේ වැඩිම පීඩාවට පත්ව සිටින කාන්තාවන් සහ ගෘහණියන් දේශපාලනිකව සවිබල ගැන්වීම කාලීන අවශ්‍යතාවක් බව මෙහිදී දිලිත් ජයවීර මහතා අවධාරණය කළේය.

ගම්පහ දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක ජයන්ත අතපත්තු මහතාගේ මූලිකත්වයෙන් හඳුනාගත් මෙම ශක්තිමත් කාන්තා බලකාය, සර්වජන බලයේ ඉදිරි මැතිවරණ මෙහෙයුමේ “පළමු වෙඩිමුරය” වනු ඇති බව පක්ෂ ආරංචි මාර්ග පවසයි. මෙම අවස්ථාවේදී එක්සත් ජනරජ පෙරමුණේ හිටපු කාන්තා අංශ විධායක සභික නයෝමී ගරුසිංහ මෙනවිය “ලිය බල” නව මාධ්‍ය ලේකම්වරිය ලෙස පත්වීම් ලැබීමද විශේෂත්වයකි.

Share.
Leave A Reply