පාසල යනු දැනුම පමණක් නොව, දරුවාට සෙනෙහස සහ ආරක්ෂාව ලබාදෙන සුරක්ෂිතම ස්ථානය විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කරයි. ඇය මේ බව කියා සිටියේ කුරුණෑගල සාමෝදය විද්‍යාලයේ අලුතින් ඉදිකළ තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සහ ශ්‍රවණාගාරය සිසු අයිතියට පැවරීමේ උත්සවයට (05) ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.
පැරණි ගොඩනැගිල්ල අබලන් වීම හේතුවෙන් කාලයක් තිස්සේ විහාරස්ථානයක පන්ති පැවැත්වූ මෙම විද්‍යාලයේ දරුවන් වෙනුවෙන්, රුපියල් මිලියන 41ක පිරිවැයකින් මාස 07ක් වැනි කෙටි කාලයක් තුළ මෙම නවීන තෙමහල් ගොඩනැගිල්ල ඉදිකර නිමවා ඇත.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය:
“රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය වන්නේ දරුවන්ට හොඳම දේ ලබාදීමයි. ගොඩනැගිලි පමණක් ලබාදීමෙන් අධ්‍යාපනය සම්පූර්ණ වෙන්නේ නැහැ. එහි අන්තර්ගතයත් හොඳම දේ විය යුතුයි. දරුවා නිවසින් පිටවී වැඩිම කාලයක් ගත කරන්නේ පාසලේ බැවින්, එම පරිසරය ආදරයෙන් පිරීම අනිවාර්යයි.”
මෙම අවස්ථාව සනිටුහන් කරමින් අග්‍රාමාත්‍යවරිය විද්‍යාල භූමියේ නා පැළයක් ද රෝපණය කළ අතර, නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින්, වයඹ පළාත් අධ්‍යාපන ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ විදුහල්පති, සිසු-දෙමාපියන් විශාල පිරිසක් මේ සඳහා සහභාගි වූහ.

