ශ්‍රී ලංකාව පුරා මේ වන විට ඩෙංගු රෝගයේ ව්‍යාප්තිය ඉතාමත් ඉහළ මට්ටමකට පැමිණ ඇති බැවින් රට තුළ දැඩි ඩෙංගු අනතුරක් නිර්මාණය වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා අවධාරණය කරයි.
වසර ආරම්භයේ සිටම ඉතා ඉහළ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූ අතර, මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 35,300 දක්වා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ වසංගත තත්වයට පත්ව ඇති මෙම රෝගීන් සංඛ්‍යාවෙන් 50%ක්ම, එනම් අඩකටත් වඩා වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බවයි. මීට අමතරව දිවයිනේ අනෙකුත් ප්‍රධාන දිස්ත්‍රික්ක කිහිපයකද රෝගය සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. ඒ අනුව, වඩාත්ම අවදානම් සහගත දිස්ත්‍රික්ක ලෙස පහත ප්‍රදේශ හඳුනාගෙන ඇත:
ගම්පහ,මහනුවර, ගාල්ල,මාතර,රත්නපුර, ජූනි 08 සිට දින 3ක දැවැන්ත මර්දන මෙහෙයුමක්!
පවතින භයානක තත්වය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ප්‍රකාශයට පත් කර ඇත. ජූනි මස 08, 09 සහ 10 යන තෙදින පුරා මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට නියමිතය.
“මෙම විශේෂ වැඩසටහන දිස්ත්‍රික්ක 14ක් පුරා විහිදී යන අතර, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කාර්යාල 72ක පූර්ණ මැදිහත්වීම මත දැඩි ලෙස ව්‍යාප්තිය සහිත කලාප කේන්ද්‍ර කරගනිමින් දියත් කෙරේ.”වෛද්‍ය කපිල කන්නංගර (අධ්‍යක්ෂ, ජාතික ඩෙංගු මර්දන ඒකකය) කීය.
රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රාජ්‍ය අංශයේ මැදිහත් වීමට අමතරව, මහජනතාවද තම නිවෙස්, පාසල් සහ සේවා ස්ථාන අවට මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරමින් මෙම ජාතික කර්තව්‍යයට උපරිම සහයෝගය ලබා දිය යුතු බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් ඉල්ලා සිටියි.

