ශ්‍රී ලංකා මහ බැංකුවේ අත්තනෝමතික ක්‍රියාකලාපය සෙවීම සඳහා වහාම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කළ යුතු බවත්, ඒ සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් 40කට වැඩි පිරිසක් අත්සන් තබා ඇති බවත් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඊයේ (04) පැවැති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය. වත්මන් මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි විවේචනයට ලක් කළ ඔහු, රජය පවසන රුපියලේ ස්ථාවරත්වය “කෘත්‍රිම පාවීමක්” පමණක් බවත්, NDB ආයතනය සම්බන්ධයෙන් වහාම පියවර ගත යුතු බවත් අවධාරණය කළේය.
IMF වාරික ලැබුණද ජනතාව දැඩි බදු බරකින් පීඩා විඳින බව පෙන්වා දුන් හිටපු අමාත්‍යවරයා, ලංකා බැංකුව සහ මහජන බැංකුව පෞද්ගලීකරණය කිරීමේ රහසිගත සැලසුමක් පවතින බවට ද චෝදනා කළේය.
එමෙන්ම, ආණ්ඩුව තුළ පවතින අභ්‍යන්තර පරස්පරතා විවේචනය කරමින් වහාම පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා සිටි ඒ මහතා, ට්‍රම්ප්ගේ 20% බදු ප්‍රතිපත්තිය සහ ‘එල් නිනෝ’ දේශගුණික අවදානම වැනි ඉදිරි ගෝලීය අභියෝගවලට මුහුණ දීමට වත්මන් රජයට කිසිදු නිසි වැඩපිළිවෙලක් නොමැති බවද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

