රාජපක්ෂ පවුල, මෛත්‍රී, රනිල්, සජිත් ඇතුළු ප්‍රබලයන් රැසකගේ නඩු ලැයිස්තු වේ සිටින බව ද හෙතෙම කීය.
ශ්‍රී ලංකාවේ පසුගිය දශකය පුරා දේශපාලන කරළිය උඩුයටිකුරු කළ, රුපියල් බිලියන තිහකට (රුපියල් 30,000,000,000) අධික මහජන මුදල් අවභාවිතය, වංචා සහ දූෂණ සම්බන්ධයෙන් මෙරට ප්‍රධාන පෙළේ දේශපාලනඥයන්ට සහ ප්‍රබල ව්‍යාපාරිකයන්ට එරෙහිව පවරා තිබූ නඩු බහුතරයක් “තාක්ෂණික දෝෂ” සහ සාක්ෂි මදිකම මත නිෂ්ප්‍රභ වී හෝ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් වී හෝ නීතිය ක්‍රියාත්මක වීම යට ගසා ඇති බව ද හෙතම පැවසීය.
ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය තුළ ආණ්ඩු මාරුවන විට විරුද්ධවාදීන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කර නඩු පැවරීමත්, පාලන බලය වෙනස් වන විට එම නඩුවලින් ඉතා පහසුවෙන් නිදහස් වීමත් සාමාන්‍ය සම්ප්‍රදායක් බවට පත්ව ඇතැයි ද හෙතෙම කීය.
පසුගිය යහපාලන රජය සමයේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ අල්ලස් කොමිසම මඟින් රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට එරෙහිව නඩු රැසක් පවරන ලද බව ද හෙතෙම කීය.
නමුත් ඉන් වඩාත්ම කතාබහට ලක්වූ බැසිල් රාජපක්ෂ මහතාට එරෙහි රුපියල් මිලියන 2,992ක දිවිනැඟුම අරමුදල් අවභාවිත කිරීමේ නඩුව, පසුව සාක්ෂි ප්‍රමාණවත් නොවීම මත නිෂ්ප්‍රභ වූ බවද ඔහු කීය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පැවති ඩී.ඒ. රාජපක්ෂ ස්මාරක නඩුව (මිලියන 33.9) ඔහු 2019 දී ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය මත ඉවත් කරගත් අතර, නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පැවති මිලියන 30ක මුදල් විශුද්ධිකරණ නඩුවලින්ද ඔහු පසුව නිදහස් කෙරුණු බවද ඔහු ප්‍රකාශ කළේ ය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ අතර, ඔහුගේ පෞද්ගලික මුදලින් රුපියල් මිලියන 100ක වන්දියක් ගෙවීමට නියම වු බවද ඔහු කීය.
මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගත්ත ද ඍජු අපරාධමය නඩුවක් ගොනු නොවීම විශේෂත්වයක් වු බවත් හෙතෙම සඳහන් කළේ ය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට නිවාස අධිකාරියේ පත්වීම් සහ මධ්‍යම සංස්කෘතික අරමුදල් සම්බන්ධයෙන් චෝදනා එල්ල වුවද සක්‍රීය නඩුවක් ඔප්පු වී නැති බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව දේශපාලනඥයන් සහ ඇවන්ගාඩ් සභාපතිවරයා විසින් රුපියල් මිලියන ගණනින් වන්දි ඉල්ලා සිවිල් අපහාස නඩු පවරා තිබෙන බවද හෙතෙම කීය.
වෙනත් ප්‍රධාන දේශපාලනඥයන් දෙස බැලීමේදී, ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64ක කප්පම් ඉල්ලීමේ නඩුවට ප්‍රසන්න රණතුංග මහතාට වසර 2ක බරපතල වැඩ සහිත අත්හිටවූ සිරදඬුවම් නියම වූ අතර, භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ දුමින්ද සිල්වා මහතාට පිරිනැමූ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කර නැවත සිරගත කිරීමට නියෝග කර තිබුණු බවද ඔහු කීය.
දේශපාලන සහ ආරක්ෂක ක්ෂේත්‍රයේ දැඩි ආන්දෝලනයක් ඇති කළ ප්‍රබලයන් තිදෙනෙකු වන රෝහිත අබේගුණවර්ධන (මිලියන 41.2ක නීතිවිරෝධී වත්කම් නඩුව), ටිරාන් අලස් (RADA ආයතනයේ මිලියන 124ක සුනාමි අරමුදල් නඩුව) සහ නිශ්ශංක සේනාධිපති (ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව සහ මිලියන 355ක අල්ලස් කුමන්ත්‍රණ නඩුව) යන තිදෙනාම 2019න් පසු ඇතිවූ දේශපාලන වාතාවරණය තුළ නිදොස් කොට නිදහස් කර තිබු බවද ඔහු කීය.
හිටපු දේශපාලශයින් වන රංජිත් සියඹලාපිටිය,නිමල් සිරිපාල ද සිල්වා යන අය සම්බන්ධයෙන්ද තත්ත්වය මේ හා සමානව බවද ඔහු
ඉන් බහුතරයක් නඩු අල්ලස් කොමිසම විසින් ඉල්ලා අස්කරගෙන ඇත්තේ “අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිඛිත අනුමැතිය නිසි පරිදි නොමැති වීම” වැනි සරල තාක්ෂණික දෝෂ පදනම් කරගෙන වීම විශේෂත්වක් බව ද හෙතෙම කීය.
මෙම තත්ත්වය තුළ “නීතිය සැමට සමානද?” යන්න සහ රජයේ නිලධාරීන්ගේ සිතාමතා සිදුවන තාක්ෂණික වැරදි නිසා මහජන මුදල් විනාශ කළ දූෂිතයන් බේරී යන්නේද යන්න පිළිබඳව සමාජය තුළ දැඩි කතාබහක් සහ විවේචනයක් මතුවෙමින් පවතින බවද හෙතෙම ප්‍රකාශ කළේ ය.
මත්මන් ආණ්ඩුව සිය බලය ගැනීමට මේ දුෂන අක්‍රමිකතා ගැන කතා කළ ද දැන් ආණ්ඩුව තම බලය පවත්වා ගැනීම සඳහා පමනක් මේ ලිපි ගොණු පවත්වාගෙන යන තත්ත්වයක් පවතන බවද හෙතම කීය. මෙය රටේ ජනතාව අනුමත නොකරන බවද හෙතෙම කීය.

