වත්මන් රජයේ අදූරදර්ශී ආර්ථික කළමනාකරණය හේතුවෙන් රටේ සමස්ත ආර්ථික පද්ධතියම බිඳ වැටී ජනතාව අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇති බැවින්, ඊට එරෙහිව ලබන මාසයේදී ජනතාව වීදි බැස්සවීමට සමගි ජන බලවේගය තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.
අද (26) සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව අවධාරණය කළේය.
එහිදී රටේ පවතින සැබෑ ආර්ථික දත්ත හා සංඛ්‍යා ලේඛන පෙන්වා දෙමින් ඔහු රජයේ “රොකට් කතාවල” නිරුවත හෙළිදරව් කළේය.
ඩොලරය රුපියලකින් වැඩි වුවහොත් ණය බර මිලියන 40 කින් ඉහළට. රජයේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් රුපියල දරුණු ලෙස අවප්‍රමාණය වී ඇති බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, එහි සැබෑ විනාශකාරී ප්‍රතිඵලය දත්ත සහිතව මෙසේ පැහැදිලි කළේය.
ණය බර ඉහළ යාම මෙන් න යැයි ඔහු කීය. වත්මන් පාලනය විසින් රටේ සමස්ත ණය බර රුපියල් මිලියන 1600 කින් පමණ මේ වන විටත් වැඩි කර ඇත.රුපියල බාල්දු වීමේ රීතිය ද ඔහු කීය. ඩොලරයක අගය රුපියලකින් අවප්‍රමාණය වුවහොත් රටේ ණය බර රුපියල් මිලියන 40 කින් ඉහළ යයි.
රුපියල් 10 ක කඩාවැටීම නිසා සිදුවන දේ ද ඔහු කීය.
ඩොලරයේ අගය රුපියල් 10 කින් ඉහළ ගියහොත් ණය බර රුපියල් මිලියන 400 කින් ඉහළ යන අතර, මේ නිසා ණය වාරික ගෙවීම සඳහා ජනතා බදු මුදල් අතිවිශාල වශයෙන් වැය කිරීමට රජයට සිදුවේ.”කෝ ආයෝජන? ආවේ ඩොලර් මිලියන 10 යි!”
රජය වේදිකාවල මහා පරිමාණයෙන් ව්‍යාපාර සහ ආයෝජන ගැන “පොර ටෝක්” දුන්නද, බිම් මට්ටමේ පවතින සැබෑ තත්ත්වය මෙසේයි.
සැබෑ ආයෝජන කතාව ගැනද හෙතෙම මෙසේ කීය.
රටට මෙතෙක් පැමිණ ඇත්තේ ඩොලර් මිලියන 10 ක වැනි ඉතා සුළු ආයෝජනයක් පමණි. තෙල් පිරිවැය ආයෝජන නොමැති වුවද, මැයි මාසය තුළ පමණක් තෙල් ආනයනය සඳහා ඩොලර් මිලියන 521 ක් වැය කිරීමට රජයට සිදුව ඇත.
ගල්ෆ් කලාපීය තර්ජනය හමුවේ ලංකාවේ ආර්ථිකයේ මහා කඩා වැටීම ද ඔහු හෙළි කළේ ය.
ඉදිරියේදී ගල්ෆ් කලාපයේ ආර්ථිකය ඩොලරය සියයට 30 කින් පමණ කඩාවැටීමේ අවදානමක් පවතී. එමඟින් ශ්‍රී ලංකාවේ විදේශ රැකියා වෙළඳපොළ අහිමි වී, රටට ලැබෙන විදේශ ප්‍රේෂණ (ඩොලර් ආදායම) තවදුරටත් දරුණු ලෙස පහත වැටෙනු ඇත.
බෙහෙත් හිඟය සහ අහස උසට ගිය බඩු මිල රටේ ආනයන සීමා කිරීම සහ ඩොලර් හිඟය හේතුවෙන් අත්‍යවශ්‍ය ඖෂධ පවා ආනයනය නොකරන තත්ත්වයට රට පත්ව ඇතැයි මන්ත්‍රීවරයා චෝදනා කළේය.
බඩු මිල අහස උසට ඉහළ යද්දී, ඖෂධ නොමැතිව අහිංසක රෝගීන් මරණාසන්න වෙද්දී රජය තාවකාලික පැලැස්තර දමමින් සිටින බවත්, රුපියල් ලක්ෂ 12 කට අද වන විට වාහනයක් පවා මිලදී ගත නොහැකි තරමට සල්ලි බාල්දු වී ඇති බවත් ඔහු පැවසීය.
“ගෝඨාභය රාජපක්ෂත් කිව්වේ ඔහොම තමයි!””වත්මන් පාලකයන් ආර්ථිකය ගැන කිසිවක් නොදන්නා නිලධාරීන් කියන විදිහට ඇඳගෙන වැඩ කරනවා. එදා ගෝඨාභය රාජපක්ෂත් කළේ ඔය විනාශයමයි.
මේ තක්කඩි වැඩ නිසා මුළු රටම වටෙනවා. ජනතාව මේ ආර්ථික දර්ශක ගැන නොදන්නා නිසා රජය පට්ටපල් බොරු කියමින් ජනතාව අන්දන්න හදනවා. නමුත් බුද්ධිමත් ජනතාව තවදුරටත් රවටන්න බෑ.” යැයි මරික්කාර් මහතා සඳහන් කළේය.
විපක්ෂයෙන් ඉදිරිපත් කරන විසඳුම් සහ අභියෝගයපවතින අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සමගි ජන බලවේගය විසඳුම් යෝජනා ගැන ද ඔහු කීය.
සර්ව පාක්ෂික සමුළුවක් සහ පාර්ලිමේන්තුව වහාම කැඳවීම සිදු කරන්න. පවතින ප්‍රශ්නයට කෙටි, මධ්‍යම සහ දිගුකාලීන තීන්දු ගැනීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියද මෙතෙක් ඊට පිළිතුරක් ලැබී නැත.
අයි.එම්.එෆ්. (IMF) වැඩසටහන සහ බදු සහන දෙන්න. ජනතාව මිරිකා දස වද දී බදු ගැසීම වෙනුවට, විධිමත් ආර්ථික දේශපාලන වැඩපිළිවෙළක් යටතේ අනවශ්‍ය වියදම් කපා හැර ඩොලර් ආදායම වැඩි කරගත යුතුයි.
ව්‍යවසායකයන්ට සහන දී ඔවුන් දිරිමත් කළ යුතුයි.
විදේශ ප්‍රේෂණ ගැනද ඔහු කීය.
විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් උණ්ඩියල් වැනි ක්‍රම වෙනුවට ලංකාවේ නිල බැංකු පද්ධතිය හරහාම මුදල් එවිය යුතු පරිසරයක් සැකසිය යුතුයි.
පළාත් සභා මැතිවරණය පැවැත්වීම ගැන ද ඔහු කීය.
“වේදිකා වීරයෝ වෙන්නේ නැතුව වැඩ කරලා පෙන්වන්න හෙට වුණත් පළාත් සභා මැතිවරණය තියන්න. ඩයි සීයා (ටිං ටිං පක්ෂයේ ලේකම්) රටේ ලේකම්වත්, මැතිවරණ කොමසාරිස්වත් නොවෙයි.
මැතිවරණය හෙට තිබ්බත් අපි සූදානම්. සමගියෙන් අපි මුළු රටම දිනවනවා.
“අපි මෙතෙක් කල් රට ස්ථාවර කිරීමට රජයට සහයෝගය දෙමින් බලා සිටි බවත් තවදුරටත් රට අස්ථාවර කිරීමට ඉඩ දිය නොහැකි බැවින් ලබන මාසයේදී ජනතාව සමඟ වීදි බැස රජයේ ද්වේෂසහගත පාලනයට එරෙහිව දැවැන්ත ජනතා බලවේගයක් ගොඩනගන බවත් මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා වැඩිදුරටත් අවධාරණය කළේ ය.

