හැටන් – මුළු හැටන් – දික්ඔය ප්‍රදේශයම දැඩි කම්පනයකට පත් කරමින්, තම නිවස සහ වෙළඳසැල තුළ හුදෙකලාව ජීවත් වූ මහලු අඹුසැමි යුවළක් තියුණු ආයුධවලින් පහර දී අමානුෂික ලෙස ඝාතනය කර තිබේ.
කොළඹ සිටින දරුවන් දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට නොහැකි වීම නිසා කළ දැනුම්දීමකට අනුව, අසල්වාසීන් පැමිණ වෙළඳසැල විවෘත කර බැලීමේදී ලේ විල් මැද තිබූ සිරුරු සොයාගෙන ඇත.
දෙදෙනාම එකම ස්ථානයකදී ඝාතනය කර ඇති අතර, පසුව කාන්තාවගේ සිරුර පමණක් පඩිපෙළ මතට ඇද දමා තිබේ.
මෙය සැලසුම් සහගත මංකොල්ලකෑමක් හෝ පවුලේ ආරවුලක් මත සිදු වූවක්ද යන්න පිළිබඳව හැටන් පොලීසිය දැඩි අවධානයක් යොමු කර ඇත.
මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහල වෙත යොමු කර ඇති අතර, සාහසිකයන් අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන අරඹා තිබේ.

