පෘථිවියේ ජීවී විශේෂ මිලියනයක් පමණ විනාශ වීමේ බරපතල අවදානමකට පත්ව ඇති බව පරිසර සංවිධාන පවසයි.මේ අනුව ලංකාවේ උභය ජීවීන්ගෙන් 66%ක් මරණ පමණ මරණය අබියස බව ද පරිසර සංවිධානය ප්‍රකාශ කළේ ය.

ලෝක ජෛව විවිධත්ව උණුසුම් කලාපයක් වූ ලංකාව පාරිසරික සුසාන භූමියක් වීමේ අවදානමක් ඇති බවද පරිසර සංවිදාන ප්‍රකාශ කරති.

වසර 40කින් ඝන වනාන්තර වැස්ම 44% සිට 23% දක්වා අඩකටම බිඳ වැටී ඇති බවද පැවසේ.

මැයි 22 යෙදෙන ‘ජාත්‍යන්තර ජෛව විවිධත්ව දිනය’ නිමිත්තෙන් පරිසර ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ ජාත්‍යන්තර සංවිධාන නිකුත් කර ඇති නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව ලෝකයේ සහ ශ්‍රී ලංකාව දැවැන්ත පාරිසරික බිඳවැටීමකට මුහුණ දෙමින් සිටී.

මිනිස් ක්‍රියාකාරකම් සහ අක්‍රමවත් සංවර්ධනය හේතුවෙන් ලොව පුරා සත්ව හා ශාක විශේෂ මිලියනයක් (ලක්ෂ 10ක්) ඉදිරි දශකය තුළ වඳවී යාමේ තර්ජනයට මුහුණ පා සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි.

ලෝකයේ ප්‍රධානතම ජෛව විවිධත්ව උණුසුම් කලාප 36න් එකක් වන ශ්‍රී ලංකාවේ තත්ත්වය ලෝක මට්ටමට වඩා බරපතළ වී ඇති අතර අපටම ආවේණික උභය ජීවීන්ගෙන් 66%ක් සහ උරගයින්ගෙන් 59%ක් මේ වන විටත් වඳවීමේ මුවවිටටම පැමිණ ඇත.

1980 දශකයේ 44%ක් ලෙස පැවති ලංකාවේ ස්වභාවික ඝන වනාන්තර වැස්ම වර්තමානය වන විට 22% – 23% දක්වා අඩකින්ම පහත වැටී ඇත.

මෙරට ක්ෂීරපායී සතුන්ගෙන් 56%ක්, මිරිදිය මසුන්ගෙන් 49%ක් සහ සපුෂ්ප ශාකවලින් 43%ක් (ශාක 1,385ක්) රතු දත්ත ලේඛනයේ ‘තර්ජනයට ලක්වූ’ ගණයට වැටී අවසන්ය.

ගෝලීය වශයෙන් ප්‍රමාණයෙන් 50%කට වඩා වැඩි ප්‍රමාණයක් (ඩොලර් ට්‍රිලියන 44ක්) ස්වභාවධර්මය මත සෘජුව රඳා පවතින බැවින් මෙම පරිසර විනාශය දැවැන්ත ආර්ථික කඩාවැටීමකට මඟ පාදනු ඇත.

මිනිස් ක්‍රියාකාරකම් නිසා පෘථිවියේ ගොඩබිම් මතුපිටින් 75%ක්ම මේ වන විටත් දැඩි ලෙස වෙනස්කම්වලට ලක්වී ඇත.

ජාත්‍යන්තරය එකඟ වූ ’30 x 30′ ඉලක්කය අනුව, 2030 වන විට විනාශ වූ පරිසර පද්ධතිවලින් 30%ක් රැක ගැනීමට ශ්‍රී ලංකාව බැඳී සිටියද, දිනෙන් දින ඉහළ යන වන විනාශය හමුවේ රටේ ඉතිරිව ඇති අවසන් ස්වභාවික සම්පත් ටික හෝ රැකගැනීමට දැඩි නීතිමය ක්‍රියාමාර්ග වහාම ගත යුතු බව පරිසරවේදීහු අවධාරණය කළහ.

Share.
Leave A Reply