තමන්ව ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගනිමින් සිටින්නේ නම්, ඊට අදාළ නිල ලිඛිත දැනුම්දීම සහ හේතු ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගෙන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලිඛිතව ඉල්ලා ඇත. 

2025 දෙසැම්බර් මාසයේදී වසර දෙකක ස්ථාවර කාලසීමාවක් සඳහා තමන්ව මෙම ධුරයට පත් කළ ද , එම කොන්ත්‍රාත්තුව නියමිත කාලයට පෙර අවලංගු කර තේරීම් කමිටුව ප්‍රතිව්‍යුහගත කිරීමට යන බවට තමන්ට වාචිකව තොරතුරු ලැබී ඇති බව ඔහු පවසයි. 

ක්‍රීඩාවේ උන්නතිය උදෙසා පරිපාලනය ගන්නා තීරණවලට තමන් ගරු කරන නමුත්  විනිවිදභාවය සහ නිසි ප්‍රොටෝකෝලයන් සුරැකීම වෙනුවෙන් තමන්ට මෙම කරුණ නිල වශයෙන් ලිඛිතව දැනුම් දෙන ලෙස ඔහු අමාත්‍යවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිමින් ලිඛිතව දැනුම් දීමක් කර තිබේ.

Share.
Leave A Reply