මත්කුඩු වැටලීම අස්සේ ලක්ෂ දෙකක අල්ලස් ගනුදෙනුවක්: පලාගිය පොලිස් නිලධාරියාත් දැලේ!

ලක්ෂ දෙකේ අල්ලස: පලාගිය කොස්තාපල් කිවුල්දෙනිය අල්ලස් විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනී!

අයිස් ජාවාරම්කරුවෙකු බේරන්න ලක්ෂ 2ක අල්ලසක් ගත් පෑලියගොඩ පොලිස් කොස්තාපල් රිමාන්ඩ්පලාගිය අනෙක් නිලධාරියාත් අල්ලස් දැලේ! මැයි 12 දක්වා රක්ෂිත බන්ධනාගාරයට!

අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටිය දී අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට එරෙහිව නීතිමය පියවර නොගෙන නිදහස් කිරීම සඳහා රුපියල් ලක්ෂ දෙකක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබාගත් පෑලියගොඩ මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන අංශයේ පොලිස් කොස්තාපල්වරයෙකු මැයි මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. 

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් සිදුකළ මෙම වැටලීම සිදු කළේ ය.

පෑලියගොඩ පොලීසියේ දූෂණ මර්දන අංශය මගින් 2026.04.19 වන දින අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. එම පුද්ගලයා නීතියෙන් බේරා ගැනීම සඳහා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් රුපියල් ලක්ෂ දෙකක අල්ලස් මුදලක් ඉල්ලා තිබේ. 

මේ පිළිබඳව ලද පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසමේ නිලධාරීන් 2026.04.24 වන දින වැටලීමක් සිදුකළ අතර එහිදී එක් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට පත්විය. 

වැටලීම අවස්ථාවේදී පලාගිය කිවුල්දෙනිය. හේරත් මුදියන්සේලාගේ දිනූෂ ෂෙහාන් බණ්ඩාර කිවුල්දෙනිය නැමැති අනෙක් පොලිස් කොස්තාපල්වරයා පසුගිය 2026.05.04 වන දින පෙරවරු 9.40 ට පමණ අල්ලස් විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.  සැකකාර පොලිස් නිලධාරියා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Share.
Leave A Reply