සමානාත්මතාවය සහ ජාතික සමගිය වෙනුවෙන් තැබූ පියවර කිසිසේත්ම ආපසු හරවන්නේ නෑ – ජනාධිපති සහතික වෙයි!
ජාතිවාදය පරාජය කර හදවතේ තෙතමනය ඇති දරු පරපුරක් බිහි කිරීමට සාහිත්‍යය අවශ්‍යයි – ජනාධිපති!
මෙරට කිසිවෙකුත් “දෙවැනි පෙළ පුරවැසියන්” නොවන සමාජයක් ගොඩනැඟීම මගේ අරමුණයි – ජනාධිපති අනුර කුමාර!
යාන්ත්‍රික සමාජය තුළ මනුෂ්‍යත්වය රෝපණය කිරීමට සාහිත්‍යයට සහ කලාවට මහඟු වගකීමක් ඇත – ජනාධිපති!
සාහිත්‍යයේදී පළමුව නැගිටින්නේ මනුෂ්‍යත්වයයි. ඒ නිසා සාහිත්‍යය අවශ්‍යයි.” ජනාධිපති අනුර කුමාර දිසානායක
ජනාධිපතිවරයා අවධාරණය කළේ ජාතික සමගිය වෙනුවෙන් තම රජය තබා ඇති ශක්තිමත් පියවර කිසිසේත්ම ආපසු හරවන්නේ නැති බවයි. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාව සහෝදරත්වයෙන් සහ සමානාත්මතාවයෙන් ජීවත්වන රටක් නිර්මාණය කිරීම ඔහුගේ මූලික අරමුණයි.
සෑම ජන වර්ගයකටම අනන්‍ය වූ සංස්කෘතියක් ඇති බවත්, එම සියලු සංස්කෘතීන් ගෞරවනීය පිළිගැනීමට ලක්වන සමාජයක් අවශ්‍ය බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
යාන්ත්‍රික වූ වර්තමාන සමාජය තුළ මනුෂ්‍යත්වය, ආදරය සහ සහකම්පනය යළි ඇති කිරීමට සාහිත්‍යයට සහ කලාවට මහඟු වගකීමක් ඇති බව පෙන්වා දෙන ලදී.
වර්තමාන අධ්‍යාපන ක්‍රමය දරුවන් “යන්ත්‍රවල ඇණ සහ දැති රෝද” බවට පත් කර ඇති බවත්, ඉන් මිදී හදවතේ තෙතමනය ඇති දරුවන් පිරිසක් බිහි කළ යුතු බවත් ඔහු පැවසීය.
දේශපාලනය තුළ පවතින ජාතිවාදී විෂබීජය පරාජය කිරීමට අවශ්‍ය නම් නව නීති පවා ගෙන එන බවට ජනාධිපතිවරයා සහතික විය.
කිසිදු ජන කොටසකට තමන් “දෙවැනි පෙළ පුරවැසියන්” යන හැඟීම ඇති නොවිය යුතු බවත්, සියලු දෙනාටම මෙය තමන්ගේම මාතෘ භූමිය යන හැඟීම ඇති කළ යුතු බවත් සඳහන් කළේය.
1980 දී යාපනයේදී ආරම්භ කරන ලද මෙම සංවිධානය, ශ්‍රේෂ්ඨ දෙමළ කවි කම්බන් නාමයෙන් වාර්ෂිකව මෙම උළෙල සංවිධානය කරයි.
මෙරට සියලු ජනතාවට එකමුතුව ජීවත් විය හැකි පරිසරයක් ගොඩනැඟීමට ජනාධිපතිවරයා දරන උත්සාහය අගයමින් ඔහු මෙහිදී විශේෂ සම්මානයෙන් පිදුම් ලැබීය.
මෙම උත්සවයට අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා ඇතුළු දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වී සිටියහ.

