රාජ්‍ය අංශයේ අනියම් හා කොන්ත්‍රාත් සේවකයින් 9,800කට ස්ථිර පත්වීම්  

දඹුල්ල මූලික රෝහල රුපියල් බිලියන 7ක වියදමින් නවීකරණය කිරීමට මධ්‍යම රජයට පවරා ගනී  

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණයට රුපියල් මිලියන 7.5ක් දක්වා ආධාර  

නිවාස අහිමි වූ සුළි කුණාටු වින්දිතයන් පවුල් 1,000ක් වෙනුවෙන් යුද්ධ හමුදා ශ්‍රමයෙන් අන්තර් කාලීන නිවාස ! 

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒම සඳහා ‘ක්ෂුද්‍ර – අක්තපත්‍ර’ (Micro-Credentials) ප්‍රතිපත්තියක්!

මරදාන පාරේ රජයේ ඉඩමක් තාක්ෂණික නිපැයුම් මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට ආයෝජන කැඳවයි!

ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය (ITN) තුළ නව ඩිජිටල් ඒකකයක් ස්ථාපිත කිරීමට අනුමැතිය!

මහ බැංකුවේ 2025 වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය වෙයි!

සෞඛ්‍ය සහ පරිපාලන මාතෘකාප්‍රතිශක්ති රෝග සඳහා වන ‘ඇඩලි මැබ්’ එන්නත් සිරින්ජර 6,000ක් ප්‍රසම්පාදනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය!

කෑගල්ල නව දිස්ත්‍රික් ලේකම් ලෙස කේ. ජී. එස්. නිශාන්ත මහතා පත් කෙරේ!

විදේශ සබඳතා සහ සහයෝගිතාවමාලදිවයින් ජනාධිපතිවරයාගේ සංචාරය: මාලදිවයින් ජන රජයේ ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිදු මැතිතුමා 2026 මැයි 3 සිට 5 දක්වා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වීමට නියමිතය. 

මෙම සංචාරය අතරතුර ආරක්ෂක පුහුණු, අධ්‍යාපන, සෞඛ්‍ය, සංචාරක, ලේඛනාරක්ෂක සහ ක්‍රීඩා යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි මාලදිවයින සමඟ අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට අනුමැතිය ලැබුණි. 

අධ්‍යාපන සහ තාක්ෂණක්ෂුද්‍ර – අක්තපත්‍ර (Micro-Credentials): පොදු රාජ්‍ය මණ්ඩලීය ඉගෙනුම් සංවිධානය (Commonwealth of Learning) සමඟ එක්ව ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර – අක්තපත්‍ර පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සහ රාමුවක් සකස් කිරීමට තීරණය විය.

මේ සඳහා වන වැඩමුළුවක් 2026 මැයි මාසයේදී කොළඹදී පැවැත්වීමට නියමිතය. 

මරදාන පාරේ පිහිටි අක්කර 01කට වැඩි ඉඩම් කොටසක් තොරතුරු තාක්ෂණය ආශ්‍රිත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා වසර 50ක බදු පදනම මත ලබා දීමට ආයෝජන යෝජනා කැඳවීමට අනුමැතිය හිමිවිය. 

සෞඛ්‍ය සහ යටිතල පහසුකම්දඹුල්ල මූලික රෝහල: මධ්‍යම පළාත් සභාව යටතේ පැවති දඹුල්ල මූලික රෝහල, රුපියල් බිලියන 7ක ඇස්තමේන්තුගත පිරිවැයකින් සංවර්ධනය කිරීම සඳහා මධ්‍යම රජයේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතට පවරා ගැනීමට තීරණය විය. 

ස්වයං ප්‍රතිශක්ති රෝග සඳහා භාවිත කරන ‘ඇඩලි මැබ්’ (Adalimumab) එන්නත් සිරින්ජර 6,000ක් ඉන්දියාවේ Reliance Life Sciences Pvt Ltd ආයතනයෙන් ඇමෙරිකානු ඩොලර් 225,000කට මිල දී ගැනීමට අනුමැතිය ලැබුණි. 

සහන සේවා සහ ආපදා කළමනාකරණයදිට්වා (Ditwa) සුළි කුණාටු සහන:හානියට පත් ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය සඳහා පූර්ණ හානි වෙනුවෙන් රුපියල් මිලියන 7.5ක් දක්වා සහ අර්ධ හානි වෙනුවෙන් රුපියල් මිලියන 5ක් දක්වා ආධාර ලබා දේ. 

නිවාස අහිමි වූ පවුල් 1,000ක් වෙනුවෙන් යුද්ධ හමුදා දායකත්වයෙන් අන්තර් කාලීන නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරේ. 

රාජ්‍ය සේවය සහ මූල්‍යසේවක ස්ථිර කිරීම: තාවකාලික, අනියම්, ආදේශක හෝ කොන්ත්‍රාත් පදනම මත සේවය කරන 9,800කට ආසන්න සේවකයින් පිරිසකට ස්ථිර පත්වීම් ලබා දීමට අදාළ චක්‍රලේඛය නිකුත් කිරීමට තීරණය විය. 

මහ බැංකුවේ 2025 වර්ෂය සඳහා වන මූල්‍ය ප්‍රකාශ සහ මෙහෙයුම් වාර්තාව මෙන්ම සංඛ්‍යාලේඛන රැස් කිරීම පිළිබඳ රීති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය ලැබුණි. 

ස්වාධීන රූපවාහිනිය (ITN): ආයතනය ශක්තිමත් කිරීම සඳහා එහි සංවිධාන ව්‍යුහය තුළ නව ‘ඩිජිටල් ඒකකයක්’ ස්ථාපිත කිරීමට අනුමත විය. 

කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි කේ. ජී. එස්. නිශාන්ත මහතා පත් කිරීමට තීරණය විය.   

Share.
Leave A Reply