NPP ආණ්ඩුවේ මාස 18ක රෙදි ගැලවූ මරික්කාර්ගේ සංඛ්‍යාත්මක ප්‍රහාරය!
ගල් අඟුරු නැව් 16න් 14ක්ම ප්‍රමිතියෙන් තොරයි; භාණ්ඩාගාරයේ මුදල් වෙනත් ගිණුමක: ආණ්ඩුවේ මාස 18ක පාලනය බොරුවෙන් වැසේ!” – මරික්කාර්ගෙන් දරුණු හෙළිදරව්වක්
භාණ්ඩාගාරය මංකොල්ල කාලා; මුදල් ඇමති දැන්ම ඉල්ලා අස්වෙනු! – මරික්කාර් රටම කැළඹූ මාධ්‍ය හමුවකදී කියයි.
“පච මදිවට බොරු” මැයි රැළියට එජාපයටත් ආරාධනා:
ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට භාණ්ඩාගාර මුදල් වෙනත් ගිණුමක! ගල් අඟුරු ටෙන්ඩරය පිටුපස ඇති මහා මංකොල්ලය මෙන්න.
ආණ්ඩුවේ මාස 18 ක ‘අසාර්ථකත්වය‘ ඉලක්ක කරමින් විපක්ෂයෙන් දැඩි ප්‍රහාරයක්: “ගල් අඟුරු නැව් 16 න් 14 ක්ම බාලයි”
සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේ අද (28) පැවැති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා රජයේ පාලන කාලය පිළිබඳව සංඛ්‍යාත්මක දත්ත පදනම් කරගනිමින් මෙසේ කරුණු අනාවරණය කළේය.
ජාතික ජන බලවේග ආණ්ඩුව බලය ලබාගෙන ගෙවී ගිය මාස 18 තුළ ආර්ථිකය දියුණු කිරීම වෙනුවට බොරුව, වංචාව, හොරකම සහ නොහැකියාව යන කරුණු 4 පමණක් තහවුරු කර ඇති බව.
මෙරටට පැමිණි ගල් අඟුරු නැව් 16 න් 14 ක්ම (87% කට වඩා) ප්‍රමිතියෙන් තොර බවට පරීක්ෂණ වාර්තා මගින් සනාථ වී තිබියදීත් ටෙන්ඩරය අවලංගු නොකිරීම හා ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ණය හිමි සමාගමට ගෙවිය යුතු මුදල් වෙනත් ගිණුමකට බැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් ඇමැති සහ මුදල් ලේකම් වහාම ඉල්ලා අස්විය යුතු බව ඔහු කීය.
“පච මදිවට බොරු – විකල්පයේ මැයි රැළිය” සඳහා එජාපය ඇතුළු දක්ෂිණාංශික කඳවුරේ සියලු දෙනාට එක්වන ලෙස ආරාධනා කරන බවද ඔහු කීය.
ආණ්ඩුව මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ රූකඩයක් වී ඇති බවත්, මැතිවරණයට පෙර පොරොන්දු වූ කිසිදු ආර්ථික ඉලක්කයක් ජයගැනීමට රජය සමත් වී නැති බවත් මන්ත්‍රීවරයා මෙහි දී අවධාරණය කළේය.

