මාලදිවයින් අනන්‍ය ආර්ථික කලාපය (EEZ) හරහා ගමන් කරන මෙරට බහුදින ධීවර යාත්‍රා සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි දැඩි නීතිරීති මාලාවක් ධීවර දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර ඇත.

මාලදිවයින් මුහුදු සීමාවට ඇතුළු වීමට පැය 96කට (දින 4කට) පෙර ලිඛිත අවසර ලබා ගැනීම අනිවාර්ය වේ.

යාත්‍රා ලියාපදිංචි සහතිකය, පිටත්වීමේ පත්‍රිකාව, කාර්ය මණ්ඩල විස්තර, යාත්‍රාවේ ඡායාරූපයක් සහ ගමන් මාර්ගය දැක්වෙන සිතියමක් විද්‍යුත් තැපෑල (Email) හරහා ඉදිරිපත් කළ යුතුය.

අවසරයකින් තොරව ඇතුළු වන යාත්‍රා මාලදිවයින් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලබන අතර, ඒවා නිදහස් කර ගැනීමට රුපියල් කෝටි ගණනක අතිවිශාල දඩ මුදලක් ගෙවීමට සිදුවේ.

මෙම දඩ මුදල් හෝ නීතිමය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මැදිහත් වීමට ධීවර දෙපාර්තමේන්තුවට කිසිදු නෛතික අවස්ථාවක් නොමැති බැවින්, ධීවරයන් සහ යාත්‍රා හිමිකරුවන් අනිවාර්යයෙන්ම මෙම නීති අනුගමනය කළ යුතු බව රජය අවධාරණය කරයි.

Share.
Leave A Reply