රටේ ආර්ථිකය බරපතළ අර්බුදයකට ලක්ව ඇති බවත්, උද්ධමනය 8.5% දක්වා ඉහළ ගොස් ජනතාවගේ මිලදී ගැනීමේ ශක්තිය දැඩි ලෙස පිරිහී ඇති බවත් දූෂණ විරෝධී බලවේගයේ කැඳවුම්කරු නිරෝෂන් පාදුක්ක පැවසීය.
සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (26) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.1948 සිට මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අයවැය අතරින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැය පහක් තිස්සේ ඉදිරිපත් කළ අයවැය විවේචනය කළ ඔහු, ආණ්ඩුවට රටේ ආර්ථිකය කළමනාකරණය කිරීමට කිසිදු අවබෝධයක් හෝ දිගුකාලීන සැලැස්මක් නොමැති බවට චෝදනා කළේය.
උද්ධමන අනුපාතය ඉලක්කය 3%–7% වුවද 7.5% පැන 8.5% දක්වා ඉහළට
බර තැබූ සාමාන්‍ය පොලී අනුපාතය 11.11%
ණය පොලී අනුපාතය 15% දක්වා ඉහළට
ඇමරිකානු ඩොලරයේ අගය රු. 290 සිට රු. 330 ඉක්මවා
උකස් කළ රන් භාණ්ඩ (2026 පළමු කාර්තු 2) රුපියල් බිලියන 211
දුප්පත්කමේ මට්ටම (ලෝක බැංකු වාර්තා ඇසුරින්) ජනගහනයෙන් 60%ක්
දිට්වා සුළි කුණාටු සහන වෙන් කිරීම රුපියල් බිලියන 500
දිට්වා සුළි කුණාටු සහන සඳහා වැය කළ මුදල රුපියල් බිලියන 260
NDB බැංකුවෙන් අතුරුදහන් වූ බව කියන මුදල රුපියල් මිලියන 14,000
අතුරුදහන් වූ බව කියන ඩොලර් ප්‍රමාණය ඇ.ඩො. මිලියන 2.5
පිටතට යැවූ බව කියන කන්ටේනර් සංඛ්‍යාව 323
ඉන්දියාව සමඟ අත්සන් කළ බව කියන ගිවිසුම් 7 හත සම්බන්ධයෙන් ද ඔහු කීය.

