ප්‍රබල අකුණු සහ තද වැසි: පළාත් 6කට ‘තැඹිලි’ අනතුරු ඇඟවීමක්!
අද (26) සවස් කාලයේ සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ පළාත් හයකට තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව, ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය මඟින් ‘තැඹිලි’ (Amber – සූදානම් වන්න) මට්ටමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. මෙම අනතුරු ඇඟවීම අද (26) ප.ව. 12:00 සිට රාත්‍රී 11:30 දක්වා වලංගු වන අතර, ඊට ඉහළ සම්භාවිතාවක් සහ මධ්‍යම බලපෑමක් පවතින බව ද දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ප්‍රධාන කාලගුණ තත්ත්වයන් තද වැසි මෙන්න කතාව
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු මැද, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැක.
ධීවර මිතුරන්නට මේ කතාව
තද සුළං සහ රළු මුහුද ගිගුරුම් සහිත වැසි ඇති වන විට මුහුදු ප්‍රදේශවල තාවකාලිකව පැයට කිලෝමීටර් 60-70 ක පමණ තද සුළං සහ ඉතා රළු මුහුදු තත්ත්වයක් ඇති විය හැක.
බලපෑමට ලක්විය හැකි ප්‍රදේශ මෙසේය.
කොළඹ, ගම්පහ, කළුතර, කෑගල්ල, රත්නපුර, කුරුණෑගල, පුත්තලම, මහනුවර, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙම අවදානම පවතී. මීට අමතරව පහත දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ද බලපෑමට ලක්විය හැක:අනුරාධපුර: අනුරාධපුර නව නගරය, ඉපලෝගම, කැකිරාව, ගල්නෑව, තලාව, තිරප්පනේ, නුවරගම්පළාත නැගෙනහිර, නුවරගම්පළාත මධ්‍යම, නොච්චියාගම, පලාගල, පලුගස්වැව, මහවිලච්චිය, රාජාංගනය ගාල්ල: අක්මීමන, අම්බලන්ගොඩ, ඇල්පිටිය, කරන්දෙනිය, ගාල්ල, තවලම, නාගොඩ, නියගම, නෙළුව, බද්දේගම, බලපිටිය, බෙන්තොට, බෝපේ-පෝද්දල, යක්කලමුල්ල, හික්කඩුවබදුල්ල: ඇල්ල, ඌවපරණගම, කන්දකැටිය, බණ්ඩාරවෙල, මහියංගනය, වැලිමඩ, සොරණාතොට, හපුතලේ, හල්දුම්මුල්ල, හාලි ඇලපොළොන්නරුව: ඇලහැර, තමන්කඩුව, හිඟුරක්ගොඩමාතර: කොටපොළ, පිටබැද්දරමන්නාරම:
මුසලි අපේක්ෂිත හානි සහ ආරක්ෂක උපදෙස් ගැන අවධානයෙන් ඉන්න
ගස් මුලින් උදුරා වැටීම, තහඩු සහ පොල් අතු වහල සහිත නිවාසවලට හානි සිදුවීම, ක්ෂණික ගංවතුර, බෑවුම් කඩා වැටීම්, විදුලි හා සන්නිවේදන බාධා මෙන්ම ප්‍රවාහන කටයුතුවලට ද බාධා එල්ල විය හැක.
එබැවින් ගොවිතැන්, වතු වැඩ, එළිමහන් ක්‍රීඩා සහ ඉදිකිරීම් වහාම නවත්වන ලෙසත්, අකුණු පවතින අවස්ථාවල ශක්තිමත් ගොඩනැගිල්ලක් හෝ වසා දැමූ වාහනයක් තුළ රැඳී සිටින ලෙසත් දෙපාර්තමේන්තුව උපදෙස් දෙයි. විවෘත ස්ථාන, ගස් යට රැඳී සිටීම, ජලයෙන් යටවූ මාර්ගවල ගමන් කිරීම, විදුලි උපකරණ සහ රැහැන් සහිත දුරකථන භාවිතයෙන් වළකින ලෙසත්, ධීවරයින් සහ කුඩා බෝට්ටු ක්‍රියාකරුවන් මුහුදු යාමෙන් වළකින ලෙසත් වැඩිදුරටත් දැනුම් දී ඇත

