කුලියාපිටිය (පූගල්ල හන්දිය): ලොරි රථයක් යතුරුපැදියක හා ත්‍රීරෝද රථයක ගැටීමෙන් 73 හැවිරිදි වැවගම පදිංචි කාන්තාවක් මියගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලබා ඇත.
රුවන්වැල්ල (මත්තමගොඩ): බස් රථයක යතුරුපැදියක් ගැටීමෙන් 47 හැවිරිදි රඹුක්කන පදිංචි යතුරුපැදිකාරිය මියගොස් ඇත.
කුරුඳුවත්ත (ජේ.ඕ.සී. හන්දිය): පදික මාරුව මතින් ගමන් කළ කාන්තාවන් දෙදෙනෙකු බස් රථයක ගැටීමෙන් 66 හැවිරිදි කෝට්ටේ පදිංචි කාන්තාවක් මියගොස් ඇත.
තලංගම (අල් කටාස් පරිශ්‍රය අසල): යතුරුපැදියක් කාර් රථ දෙකක ගැටීමෙන් 26 හැවිරිදි කඹුරුගමුව පදිංචි පසුපැදිකාරිය මියගොස් ඇත.
මහබාගේ (ගල්උඩුපිටිය හන්දිය): ප්‍රයිමුවර් රථයක ගැටීමෙන් 47 හැවිරිදි රාගම පදිංචි පාපැදිකාරියක් මියගොස් ඇත.
ග්‍රෑන්ඩ්පාස් (ආතර් ද සිල්වා මාවත): ලොරි රථයක යතුරුපැදියක් ගැටීමෙන් 80 හැවිරිදි කැලණිය පදිංචි යතුරුපැදිකරු මියගොස් ඇත.
නොර්වුඩ් (වෙන්චර් උඩ කොටස): කැබ් රථයක පිටුපසින් බිමට වැටීමෙන් 13 හැවිරිදි අක්කර 50 පදිංචි දැරියක් මියගොස් ඇත.
මහව (ඉපලෝගම): නවතා තිබූ ලොරි රථයක පිටුපස යතුරුපැදියක් ගැටීමෙන් 28 හැවිරිදි මීරිගම පදිංචි යතුරුපැදිකරු මියගොස් ඇත.(මහව අනතුර හැර අනෙකුත් සියලුම අනතුරුවලට සම්බන්ධ රියැදුරන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.)
අත්අඩංගුවට ගැනීම් හා වැටලීම්: දවසේ පොලිස් පුවත්
අතුරුගිරිය: හංවැල්ල, පාදුක්ක, කොට්ටාව හා මීගහවත්ත යන ප්‍රදේශවල යතුරුපැදි සොරකම් 4කට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු හා සොරකම් කළ යතුරුපැදි කොටස් ළඟ තබාගත් සැකකරුවන් දෙදෙනෙකු (වයස අවු. 19–39, හෝකන්දර සහ අතුරුගිරිය පදිංචි) පැලෑන්වලදී අත්අඩංගුවට ගෙන ඇත.
දංකොටුව (මොහොට්ටිමුල්ල): ගෝඩා ලීටර් 1,012 ක් (බැරල් 05) සමඟ 48 හැවිරිදි බුජ්ජම්පොල පදිංචිකරුවෙකු හලාවත කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
රද්දොළුගම (අලිබහින තොටුපල): ගෝඩා ලීටර් 790 ක් (බැරල් 06) සමඟ 48 හැවිරිදි මිනුවන්ගොඩ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අතුරුදන් වීමක්:දවසේ පොලිස් පුවත්
ශ්‍රී පුර: මීඔය වැලිඇල ඇනිකට් අසල දිය නාමින් සිටි 18 හැවිරිදි යාය 12 පදිංචි තරුණයෙකු දියේ ගිලී අතුරුදන්ව ඇති අතර, නාවික හමුදා කිමිදුම් කණ්ඩායමේ සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වේ.
පොලිස් මාධ්‍ය නිවේදනය – ප්‍රධාන පුවත් සාරාංශය (2026.11.26)

