ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නවතම අයවැයෙන් රටේ ලක්ෂ 220ක් ජනතාව මුහුණ දෙන දැඩි ජීවන බරට, උද්ධමනයට සහ ඉහළ යන බඩු මිලට කිසිදු සැබෑ විසඳුමක් ලැබී නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව පවසන පරිදි රටේ උගත් තරුණ විරැකියාව සියයට 43 ක් සහ දුප්පත්කම සියයට 60 ඉක්මවා ඇති පසුබිමක, ඒවා තුරන් කිරීමට මෙන්ම දළ දේශීය නිෂ්පාදනයට සියයට 52 ක දායකත්වයක් සපයන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නඟා සිටුවීමට කිසිදු ප්‍රායෝගික වැඩපිළිවෙළක් මෙම අයවැය තුළ නොමැති බව හෙතෙම පෙන්වා දුන්නේය.
පොලී රහිත ණය යෝජනා ක්‍රම මඟින් ප්රතිලාභ ලැබෙන්නේද සුපුරුදු ආරක්ෂිත පිරිසකට පමණක් බවත්, ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛන අනුවම ආර්ථික වර්ධනය අඩුවී උද්ධමනය ඉහළ යන බව පැහැදිලි වන බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

