සාත්තරය සූත්තරය සොයා ගනී!
“බොත්තමෙන් ලයිට් කපන ‘ස්මාර්ට්’ උගුල! නොමිලේ දෙන මීටරයෙන් පාරිභෝගිකයා අසරණ වෙයි?”
ස්මාර්ට් මීටර් නොමිලේ! ආදරයට ද, නැත්නම් බොත්තමකින් ‘ලයිට් කපන්න’ ද? – විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය අසයි!
මෙවර 2027 අයවැයෙන් විදුලි බල මණ්ඩලයේ ඒකක 180 ට සහ ලංකා විදුලි පුද්ගලික සමාගම ( LECO) හි ඒකක 120 ට වැඩි පාරිභෝගිකයන්ට ස්මාර්ට් මීටර නොමිලේ ලබාදෙන බව පැවසුණද, එය මහජනතාවට කරන මහා පරිත්‍යාගයක් නොවන බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික පවසයි.
මෙතෙක් අය කළ ස්ථාවර ගාස්තුවලින් මීටර නඩත්තු කර ඇති බැවින්,මෙම අලුත් ක්‍රමය හරහා පාරිභෝගිකයාට ලැබෙන සෘජු ආර්ථික ප්‍රතිලාභය කුමක්දැයි ඔහු ප්‍රශ්න කරයි.
ඉස්සර මනුස්සයෙක් ගෙදරට ඇවිත් ලයිට් කැපුවද, දැන් කාර්යාලයේ ඉඳන් බොත්තමක් ඔබලා දුරස්ථව ලයිට් කැපීමට පහසුව සැලසීම හැර පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා වන්නේ කෙසේද?
වැරදි බිල්පතක් නිසා විදුලිය විසන්ධි වුවහොත් වගකීම ගන්නේ කවුදැයි ඔහු පැවසීය.
තාක්ෂණයට විරුද්ධ නැති නමුත්, මීටරය ස්මාර්ට් වුණත් බිල අඩු නොවීම සහ පාරිභෝගිකයා අමාරුවක වැටීම ගැටළුවක් වන බව හෙතෙම කියා සිටියේ ය.

