COPE කමිටුවෙන් දැඩි අනාවරණයක්සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ගිවිසුම් හා බැඳුම්කර කඩ කර විදේශගත වූ කථිකාචාර්යවරුන්ගෙන් අයකර ගත යුතු සමස්ත මුදල රුපියල් බිලියන 30කට ආසන්න විය හැකි බවට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (COPE) අනාවරණය වී තිබේ.  

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (04) පැවති මෙම COPE කමිටු රැස්වීමේදී ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ 2023 සහ 2024 වර්ෂයන්ට අදාළ විගණන වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය දැඩි ලෙස විමසා බැලීමට ලක් කෙරිණි.

එහිදී විශ්වවිද්‍යාල පාලන, මූල්‍ය සහ පරිපාලන අංශවල බරපතල අක්‍රමිකතා රැසක් එළියට පැමිණ ඇත.   මෙම රැස්වීමේදී අනාවරණය වූ ප්‍රධාන දත්ත සහ සංඛ්‍යා ලේඛන මෙන්න:රුපියල් බිලියන

විශ්වවිද්‍යාලයට වාර්ෂිකව රජයෙන් ලැබෙන ආසන්න මුදල. කෙසේ වෙතත්, විගණන හා කළමනාකරණ කමිටුවේ භාණ්ඩාගාර නියෝජිතයෙකු නොමැති වීම විශේෂ ගැටළුවක් ලෙස මතු විය.  

අධ්‍යයන සුදුසුකම්, පදවි උසස්වීම්, පරස්පර සහතික පත්‍ර සහ පුද්ගලික ලිපිගොනු අතුරුදහන් වීම සම්බන්ධයෙන් මතු වූ චෝදනා සහ පැමිණිලි ගැන පූර්ණ විමර්ශනයක් කර වාර්තාවක් ලබා දීමට ලබා දුන් කාල සීමාව.   රුපියල් 3,633,900: මැතිවරණයකට ඉදිරිපත් වීම සඳහා ඉල්ලා අස්වී නැවත සේවයට පැමිණි කථිකාචාර්යවරියකට වැඩිපුර ගෙවා ඇති මුදල.

මෙම මුදල කඩිනමින් අයකර ගන්නා ලෙස උපදෙස් දී ඇත.   සේවකයන් 38 දෙනෙක්: සහායක කාර්ය මණ්ඩලයේ මෙම පිරිස ඇඟිලි සලකුණු යන්ත්‍ර පද්ධතිය මඟහැර, වාර්ෂික නිවාඩු හිමිකම ඉක්මවා දින 5 සිට 83.5 දක්වා වැඩිපුර නිවාඩු ලබාගෙන ඇත.  

රුපියල් 99,181,457: එලෙස වැඩිපුර නිවාඩු ලබා ගැනීම හේතුවෙන් ගෙවා ඇති නමුත් නිරවුල් කිරීමට හෝ අයකර ගැනීමට හෝ කටයුතු කර නොමැති වැටුප් මුදල. මේ සඳහා විනිවිදභාවයෙන් යුතු ජෛවමිතික පද්ධතියක් අනිවාර්ය කිරීමට නියෝග කර ඇත.  

විශ්වවිද්‍යාල පාලක සභාවල ස්වාධීනත්වය මූල්‍ය හා පරිපාලන වගකීම් මඟහැරීමට කාරණයක් කර නොගත යුතු බව අවධාරණය කළ කාරක සභාව, රාජ්‍ය මුදල් භාවිත කරන සියලු ආයතන රාජ්‍ය මූල්‍ය විනයට යටත් විය යුතු බව දැඩිව පෙන්වා දුන්නේය.

තවද, පාලක සභාවල අක්‍රමිකතා සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට මැදිහත් වී තීරණ ගත හැකි වන පරිදි 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතට අවශ්‍ය සංශෝධන කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී ඇත.    

Share.
Leave A Reply