“කෝටි ප්‍රකෝටි ගණන් ආදායම් ලබන කොළඹ නගර සභාවට මූලික පහසුකම්වත් දෙන්න බැරිවීම ඛේදවාචකයක්”
“බදු බරින් මිරිකී සිටින ජනතාවට ඉදිරි අයවැයෙන් සහන ලැබෙන්නේ මිරිඟුවක් වැනි බොරුවක් ද?”
සමගි ජන බලවේගය මාධ්‍ය හමුව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා කීය.
(වීඩියෝ පටයක් වාදනය වේ – කොළඹ නගරයේ ජලගැලීම් පිළිබඳ පුවත් වාර්තාවක්)
ප්රවෘත්ති වාර්තාකරු: “…කොළඹට තව සුළු වෙලාවකින් ආගමික උත්සවයක් සඳහා විශාල පිරිසක් එනවා. සමහර ඒරියාස් වල දැනටමත් නිවාස වලට, කඩවල් වලට වතුර බැහැලා. පාරවල් ගත්තොත් අපි දන්නවා පැය එකහමාරෙන් පාරවල් යට වෙනවා. කොළඹට එන විශාල පිරිසකට නගරයේ තියෙන පහසුකම් ලබාගන්න බැහැ. පිට පළාත් වලින් එන අය විශේෂයෙන්ම දූර පළාත් වලින් එන අයට කොළඹට ආවම හොඳ වැසිකිලි පහසුකමක්, නාන්න, ඇඳුම් මාරු කරගන්න තැනක් නැහැ. අම්මා කෙනෙකුට කිරි දෙන්න පිරිසිදු තැනක් නැහැ. මේවා හරි බේසික් දේවල්. වැසිකිලියක්වත් හරියට නඩත්තු කරගන්න බැරි සිස්ටම් එකක් CMC එකේ තියෙන්නේ.”
එස් එම් මරික්කාර්
දැන්… මේ මම නෙමෙයිනේ කියන්නේ? පිට පළාත් වල ඉඳලා එන අයට වැසිකිලි පහසුකම්, අම්මා කෙනෙකුට දරුවාට කිරි දෙන්න තැනක් හදා දීම වගේ ‘බේසික්’ දේවල් (මූලික අවශ්‍යතා) කියලා කියන්නේ බලන්නසාර. හරිද? එතකොට අවුරුදු දෙකක් ගිහිල්ලා මෙයා මොනවා කරලාද ඉන්නේ? මේ බලන්තසාර් මොනවා කරලාද ඉන්නේ? හරිද?
‘සුරංගනා කතා’ කියලා, කොළඹ නගරය ලෝකයේ දියුණුම නගරයක් බවට පරිවර්තනය කරනවා කියලා, විද්‍යාඥයෝ ඕනෑම විෂයක් සම්බන්ධයෙන් එයා ගාව ඉන්නවා කියලා ඇවිල්ලා, හරිද? ඊට පස්සේ එයා කියනවා, දැන් අවුරුදු එකහමාරක් ගිහිල්ලත් මොකුත් කරගන්න බැහැ කියලා.
දැන් මම දැක්කා ගිය සතියේ ඔය බලන්තසාර්ම ෆේස්බුක් සටහනක් දාලා තිබ්බා, එයාගේ කොට්ඨාශයේ කාණුවක් හදපු එකක් ගැන. ඒකයි අපි හැමදාම කිව්වේ, මේගොල්ලන්ට ලොකු වැඩ බැහැ, පොඩි වැඩ තමයි පුළුවන්. හරි ලොකුවට දාලා තිබ්බා. ඕක නිසා තමයි දැන් නගර සභාවක ඩියුටි එක (රාජකාරිය) මොකක්ද? වෙලාවට, කලාවට, ක්‍රමානුකූලව, සතිපතා, දිනපතා කුණු අස් කිරීම, කාණු සුද්ධ කිරීම, මදුරුවන්ට දුම් ගැසීම, කැඩිච්ච ලයිට් එක දා ගැනීම – මේවා තමයි නගර සභාවේ කාර්යය.
ඒ නිසා තමයි තිස්සමහාරාමයේ ජනතාව ජේවීපී එකට එකපාරක් බලය දීලා, ආයේ කවදාවත් නොදුන්නේ. ඒ නිසා කොළඹ නගරය වගේ දේවල් හදන එක මේගොල්ලන්ට ලොකු වැඩ. ඒක බැහැ. මොකද හේතුව, අර පිටකොටුවේ බස් ස්ටෑන්ඩ් එකේ සීසීටීවී කැමරාවක් අයිති කරලා, ඉස්සරහා පාට කරලා, පිටිපස්සේ අර පරණ රෙදි වලින් වගේ වහලා විවෘත කරන, ඒ වගේ වැඩ තමයි මේගොල්ලන්ට පුළුවන්.
ඒ නිසා, බලන්තසාර්ට අපි කියනවා බයිලා ගහන්න එපා. මේ කොළඹ නගරය කියන්නේ විශාල තැනක්. දැන් එයා ඊට පස්සේ ඇවිල්ලා කියන්නේ මොකක්ද? බොරු කියන එකෙත් සීමාවක් තියෙනවානේ. අනුරගෙන් පටන් ගත්තා, ඔක්කොම බොරු කියන්නේ. මේ බලන්තසාර්ට බොරුවක්වත් කියන්න තේරෙන්නේ නැහැ. එයා කියනවා මිලිමීටර් 30 ක, 50 ක ප්‍රමාණයක්ලු දරාගන්න පුළුවන් කොළඹ නගරයට. ඊට වැඩිය 129 ක් වැස්ස නිසා ලු මේ වතුර බැස්සේ නැත්තේ කියලා. හරිද?
දැන් එයාම කියනවා විනාඩි විස්සක් වැස්සා කියලා. මේ විනාඩි විස්සක් වැහැලා මේක දරාගන්න බැරි වුණා කියන්නේ පට්ටපල් බොරුනේ? මේ මම නෙමෙයි කියන්නේ. මීට පෙර 490 ගණන් වලට කොළඹ නගරය වැහැලා තියෙනවා. මෙහෙම යට වෙලා තියෙනවාද? ජාතික රෝහල කවදා හරි යට වෙලා තියෙනවාද? හරිද?
මේ මම නෙමෙයි කියන්නේ, කාලගුණ විද්‍යාවේ ලොක්කා කියන වොයිස් කට් එක බලන්න.
(වීඩියෝ පටයක් වාදනය වේ – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයක්)
කාලගුණ නිලධාරියා: “…සාමාන්‍යයෙන් නගරයේ කාණු පද්ධතියට දරාගන්න පුළුවන් මිලිමීටර් 30 ක්, 50 ක් වගේ ප්‍රමාණයක්. නමුත් 129 ක් කියන්නේ ඉතාමත් විශාල වර්ෂාපතනයක්. කාණු අවහිර වීම්, බ්ලොක් වීම් නිසා තමයි මේ ක්ෂණික ගංවතුර තත්ත්වය ඇති වුණේ. අපි දැක්කා ඒක පැය දෙකක්, තුනක් ඇතුළත බැහැලා ගියා. නමුත් කාණු බ්ලොක් වුණාම වතුර බැහැලා යන්න අමාරුයි. ඒකයි වතුර ටිකක් වෙලා රඳාගෙන හිටියේ. නැත්නම් වැස්ස ගත්තොත්, අපි ගත්තොත් මීට වඩා වැස්සවල් මීට පෙර කාලවලදී වෙලා තියෙනවා. අපි දන්නවා 1992 දී 440 ක් කොළඹට වැස්සා. 2005, 2010 දීත් 400 ට වඩා වැස්සා.”
(වීඩියෝ පටය අවසන් වේ)
එස් එම් මරික්කාර්
මේ බොරුවක් හරි කියන එක හරියට කියපන්කෝ බලන්තසාර්. හරිද? ඉතින් ඒක නිසා, මෙතන අපිට පැහැදිලිව කියන්න තියෙන්නේ, කුණු ටික අස් කරගන්නත් බැහැ. සාමාන්‍යයෙන් කොළඹ නගර සභාව කියන්නේ විශාල බදු මුදල් එකතු වෙන ආයතනයක්. හරිද? කෝටි ප්‍රකෝටි ගණන් වලින් එකතු වෙන ආයතනයක්. අපි දන්නවා කොළඹ නගර සභාවේ කුණු අදින ටෙන්ඩර් එක පවා කෝටි ගණන් වලින් යන්නේ. හරිද?
මෙයා බජට් එක වියදම් කරන්න තේරෙන්නේ නැහැ. දැන් ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් තියෙන ආපදා කළමනාකරණ කමිටුවේ, මමත් සාමාජිකයෙක්, මීට මාස හතරකට කලින් තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කළේ එල්නිනෝ තත්ත්වයක් එක්ක නොවැම්බර් මාසේ දරුණු වර්ෂාපතනයක් එනවා, ඔක්තෝබර් අග ඉඳලා, ඒකෙන් ගංවතුර, නායයෑම් පවා ඇති වෙන්න පුළුවන් කියලා. ජනාධිපතිතුමාගේ මීටින් එකේදී කිව්වා, මිනිත්තු වල තියෙනවා. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් තමයි ඒකේ ලේකම්. එතකොට ඔය මීටින් එකේ ඉන්නවා අගමැතිතුමියත්.
එතකොට බලන්න, දැන් අගමැතිතුමිය ඉන්න මීටින් එකේදී, අගමැතිතුමිය… මේ මම නෙමෙයි කියන්නේ, ‘සන්ඩේ අයිලන්ඩ්’ පත්තරේ, හරිද? මේක වාර්තා කරනවා, “PM orders urgent cleaning of Colombo drains ahead of increased rainfall” (වැඩිවන වර්ෂාපතනයට පෙර කොළඹ කාණු වහාම පිරිසිදු කරන ලෙස අගමැතිනිය නියෝග කරයි). මේ, මේ…
දැන් ඊළඟට ඒකම වාර්තා කරනවා මේ ‘ඉන්සයිඩ්’ එකේ. හරිද? මම ඒකේ වීඩියෝ එකක් ඔබතුමන්ලාට දාලා පෙන්නන්නම්කෝ. එතකොටනේ පිළිගන්න පුළුවන්. මේ බලන්න, අගමැතිනිය කියන දේ.
(වීඩියෝ පටයක් වාදනය වේ – අගමැතිනිය සහ නිලධාරීන් අතර සාකච්ඡාවක්)
අගමැතිනිය: “…මේ මාස දෙක ඇතුළත මේවා ටික සුද්ධ වෙලා තියෙන්න ඕනේ. කාණු බ්ලොක් වෙලා තියෙනවා නම්, ඒවා අස් කරලා තියෙන්න ඕනේ. අයිතිකාරයෝ කවුද කියලා බලලා ඒගොල්ලන්ට කියන්න, නැත්නම් නීතිමය පියවර ගන්න.”
නිලධාරියා: “අපි දන්නවා කාණු වල ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි අපි දැනටමත් අපේ ඉංජිනේරුවෝ දාලා වැඩ කරගෙන යනවා.”
අගමැතිනිය: “ඉංජිනේරුවෝ දාලා වැඩ කරනවා කියලා මට වැඩක් නැහැ. මම අහන්නේ දැන් ප්‍රශ්නයක් තියෙනවානේ. මේ මාස දෙක ඇතුළත වර්ෂාව වැඩි වෙනවා කියලා අපිට රිපෝට් (වාර්තා) ලැබිලා තියෙනවා. එතකොට මේවා සුද්ධ වෙන්න ඕනේ නැද්ද? මේවා නඩත්තු වෙන්න ඕනේ නැද්ද? කවුද ඒක කරන්නේ?”
නිලධාරියා: “අපි හැමෝගෙම සහයෝගය අරගෙන මේක කරන්න බලනවා.”
අගමැතිනිය: “සහයෝගය ගන්නවා කියන එක නෙමෙයි. මම අහන්නේ මේ කාණු අයිති කාටද? නගර සභාවටනේ? එහෙනම් නගර සභාව ඒක කරන්න ඕනේ.”
(වීඩියෝ පටය අවසන් වේ)
එස් එම් මරික්කාර්
දැන්, ඒක නිසා, මේකෙන් පෙනෙන්නේ මොකක්ද? ආණ්ඩුවට වැඩ බැහැ වගේම, නගර සභාවටත් වැඩ බැහැ. අනේ චායි බලන්තසාර්, ඔයා තොත්ත බබෙක්. ඔයා හුරුබුහුටියි. ඔයා ගිහිල්ලා ඒ වැඩේ කරගන්න. හරිද? එයාට පුළුවන් මාකටින් එක්සකටිව් (අලෙවි විධායක) වගේ ජොබ් එකක් හොඳට කරන්න පුළුවන් වේවි. හරිද? කොළඹ නගරය පාලනය කරන වගේ ලොකු දේවල් කරන්න බැහැ එයාට. ප්රවෘත්ති කියවන වගේ දේවල් කරන්න පුළුවන්. කොළඹ නගරය පාලනය කරන්න බැහැ එයාට. හරිද?
ඒ නිසා ඩෝබින්ටත් හෝදන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඩෝබි නාලිකා වලටත් හෝදන්න බැරි තත්ත්වයක් පත් වෙලා තියෙන්නේ බලන්තසාර්ව. හරිද? ඉතින් ඒ නිසා, මම ඉතාම පැහැදිලිව කියන්න කැමතියි, මේක තමයි අපි කිව්වේ. නගර සභා ඡන්දයට කලින් මේක තමයි කිව්වේ. කොළඹ නගරයේ ජනතාව ඉල්ලාගෙන කෑවේ මේක. හරිද? ඒ දවස්වල කැම්පේන් එකේ, එයා හිනා වෙන එක, එයා ඇවිදින එක, එයා ලපටි විදිහට කතා කරන එක, මේ ඇඩ් එක කොහොමද? ‘එයා, බලන්න එයා’ කියලා. දැන් එයාව බලාගෙන ඉන්නකෝ ගංවතුරේ පීන පීන.
ඒ නිසා, මේ ක්‍රමානුකූලව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි වලට යටත්ව, තමාට බැරි නම්, කොළඹ නගර සභාවට විතරක් බැරි නම්, එස්.එල්.එල්.ආර්.ඩී.සී. (SLLRDC) එක, යූ.ඩී.ඒ. (UDA) එක වගේ ආයතන එකතු කරගෙන කාලසටහනක් අනුව මේක කළ යුතුව තිබුණා. ඉතින් 76, 77, 78 උපතේ නැති දේවල්. 76 කියලා කිව්වාට, 78 බලන්තසාර්ගේ වෙලා තියෙනවා.
දැන් අර කොළඹ නගර සභාවේ හිටියා ඉමිතියාස් කියලා මහත්තයෙක්, අර ස්වාධීන කණ්ඩායමෙන් ත්‍රීවිල් එකෙන් දිනලා ආවේ. එයා පවා මීට වැඩිය හොඳට තිබ්බා නගර සභාව. එයාගේ කාලේවත් මෙහෙම තත්ත්වයක් ඇති වුණේ නැහැ. හරිද? දැන් කුණු අස් කරගන්න බැරි ප්‍රශ්නයක්වත්, වැසි වතුරෙන් යට වෙන එකක්වත්, එහෙමවත් තිබ්බේ නැහැ. මතකනේ ඒ කාලේ එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනා රිජෙක්ට් (ප්‍රතික්ෂේප) වුණාම, මේ දාපු ඩුප්ලිකේට් ලිස්ට් එකෙන් ආපු එක්කෙනා. හරිද? එයත් මීට වැඩිය හොඳට පාලනය කළා.
ඉතින් ඒ නිසා අපි පැහැදිලිව කියනවා, ඔයාට බැහැ. ඔයා අස්වෙන්න. ඔයා අස්වෙන්න, ඔයා ලන්ඩන් නගරාධිපති කියලා හිතාගෙන ඉන්නේ. කොළඹ නගරයවත් කරන්න බැහැ ඔයාට. ඔයා අස්වෙන්න. හරිද? ඉතින් ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමතියි, මේ වර්තමාන ආණ්ඩුවට වගේම, නගර සභාවටත් වැඩ බැහැ කියන එක. අනිත් තැන්වලත් ඕකම තමයි. දැන් කොලොන්නාව නගර සභාව ගත්තොත් එහෙම මදුරුවන්ට දුම් ගහන්නේ නැහැ.
හැබැයි උද්ධච්චකමයි, වෛරයයි ලොකුවට තියෙනවා. පොදු ස්ථානවල තියෙන වතුර ලයින් එක කපලා දානවා. ඒ උද්ධච්චකම. දැන් බලන්න ඊයේ, මේ තරම් විශාල ප්‍රශ්නයක් ඇවිල්ලා, මහා රෝහල යට වෙලා, පිටකොටුව යට වෙලා, බම්බලපිටිය යට වෙලා, කොල්ලුපිටිය යට වෙලා, රෑ 11 වෙනකන් ට්‍රැෆික් එක තිබ්බා මුළු කොළඹ නගරයේම. ඔබතුමන්ලා දැකලා ඇති. හරිද?
ඊයේ උදේ තියෙන මීටින් එකට, අපේ නගර සභාවේ විපක්ෂ නායකතුමාට හරි, මේ කමිටු වල ඉන්න සාමාජිකයන්ට හරි ආරාධනා කරන්නේ නැහැ. මේ උද්ධච්චකම. ව්‍යසනයකදී එහෙමද හැසිරෙන්නේ? ව්‍යසනයකදී එහෙමද කටයුතු කරන්නේ? ව්‍යසනයකදී තීරණ ගැනීම සඳහා දායකත්වය හැමදෙනාගෙම අරගෙන, පොදු විසඳුමක් ලබාදීම වෙනුවෙන් සහ ඒ පීඩාවට පත් ජනතාව සමනය කිරීම සඳහා සියලුදෙනා එකතු විය යුතු නැද්ද? හරිද?
සියලුදෙනා එකතු විය යුතු නැද්ද? ඒ නිසා බැණහන් දෙනවා අරමයි මෙහෙමයි කියලා. ඒ නිසා, බලන්තසාර් ගැන මට කොච්චර කිව්වත් ඔච්චර තමයි. ඉතින් කොළඹ නගරයේ බලන්තසාර් බයිලා නටන්න එපා. එච්චරයි අපිට කියන්න තියෙන්නේ. මොකද හේතුව, කොළඹ නගරයේ ඉන්න නාගරික නිවාස වල ඉන්න ජනතාව අවතක්සේරුවට ලක් කරන්න එපා. ඒ අයගේ පැල්පත් මාර්ගයේත් ඔයාට ඉන්න හම්බවෙන්නෙත් නැහැ.
හරිද? ඒ නිසා අපි කොළඹ නගරයේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා, ඔබ වරිපනම් බදු ගෙවලා තියෙන්නේ. වරිපනම් බදු ගෙව්වාම මේ සර්විස් (සේවාව) එක හම්බවෙන්න ඕනේ. ඔබේ ගෙදරට ඉන්ෂුවරන්ස් (රක්ෂණයක්) එකක් නැහැ. එතකොට සමහර ගෙවල් වල ටීවී, ෆ්‍රිජ්… මේවා බලන්න, මොකද මේ ගොඩක් ගෙවල් වල මේ පොඩි කෑල්ලක ගේ තියෙන්නේ. එතකොට ඒ ඔක්කොම ගහගෙන ගිහිල්ලා තියෙනවා. දෛනික ආදායම් ලබපු ජනතාවට මේක ගන්න බැහැ.
හැබැයි ඔබ කොච්චර දුප්පත් වුණත් ඔබගේ වරිපනම් බද්ද ගන්නවා. එහෙනම් කුණු අස් කරන එක නගර සභාව වරිපනම් අරගෙන කරන්න ඕනේ. මදුරුවන්ට දුම් ගහන එක. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලනවා, ඔබගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් කොළඹ නගර සභාවට විරුද්ධව අධිකරණයට යන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. හරිද? නගරාධිපතිට පෞද්ගලිකවත්, නගර සභාවේ කාර්යය සම්බන්ධවත් මේ පිළිබඳව අධිකරණයෙන් නීතිය, යුක්තිය සොයා යන්න කියලා අපි ඉල්ලීමක් කරනවා.
ඒ නිසා එකම දේ, අර මම දැක්කා, මේ ජනාධිපතිතුමා මීට පෙර වොයිස් කට් එකක් දෙනවා. මේ බලන්න, මේ බලන්න මේක.
(වීඩියෝ පටයක් වාදනය වේ – ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක්)
ජනාධිපතිවරයා: “…අහස දියා බලලා වැහිනවා වගේ කියන එක, වැස්සට පස්සේ ගොඩක් වැස්සා වගේ කියන තත්ත්වයට අපේ රට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ ස්වාභාවික වැස්සෙන් මේ ඇතිවී තිබෙන විපත, ඒක ස්වාභාවික විපතක් නෙමෙයි. මේ ගංවතුර එක පැත්තකින් වැස්ස ස්වාභාවිකයි තමයි. හැබැයි අනතුර ස්වාභාවික නැහැ. ලෝකයේ විද්‍යාව සහ තාක්ෂණය දියුණු වීම විසින්, මෙවැනි අනතුරක් කල්තියා හඳුනාගෙන, මොන ප්‍රදේශ වලටද වැඩියෙන් වැස්ස පතිත වෙන්නේ, මොන ප්‍රදේශ වලද වැඩියෙන් ගංවතුර ඇතිවීමට තත්ත්වය තිබෙන්නේ, මේ පිළිබඳව ඕනෑතරම් දත්ත, තොරතුරු රැස් කර ගැනීමට සමත් වෙන තාක්ෂණයක් දියුණු වෙලා තියෙනවා.”
(වීඩියෝ පටය අවසන් වේ)
එස් එම් මරික්කාර්
ඔන්න ජනාධිපතිතුමා. මේ මම නෙමෙයි කිව්වේ, ඔයා කිව්වේ. ඔබ ඔයා කියපු විදිහ අනුව, කලින් වහින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඔබතුමාට දැනුම් දුන්නා. අගමැතිනියට දැනුම් දුන්නා. එතැන මමත් හිටියා, ආපදා කළමනාකරණ රැස්වීමේදී. එතකොට ඔබතුමාගේ පල්ලෙහා ඉන්න කොළඹ නගරාධිපති බලන්තසාර්ට මේ වැඩේ කරගන්න බැහැ. ඒ කියන්නේ එයා හිතාමතා මගඇරලා තියෙනවා.
තොරතුරු තියෙද්දී, වහින බව දැන දැනම තියෙද්දී, අගමැතිතුමියගේ නියෝගය තියෙද්දී සුද්ධ කරන්න, එයා කරලා නැහැ. ඒ නිසා ජනතාවට කොකා පන්නලා තියෙනවා. රාජකාරිය පැහැර හැරලා තියෙනවා.
දුන්නු ඡන්දයට පස්ස පැත්ත හරවලා පෙන්නලා තියෙනවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා, ඔබතුමාගේ වොයිස් කට් එක අනුව, ඔබතුමා මෙයාට ඉල්ලා අස්වෙන්න කියනවාද නැද්ද? නැත්නම් පක්ෂයෙන් එයාව අස් කරනවාද නැද්ද නගරාධිපති ධුරයෙන්? හරිද?
ඒ නිසා අර කෙහෙල්, කෙහෙල් ලෙල්ලේ නැට්ට ගලවන එකත් ඩිවලප් (දියුණු) කරන්න පුළුවන් විද්‍යාඥයින් ඉන්නවා, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමානේ. හරිද? එහෙම විද්‍යාඥයෝ තාක්ෂණය ඔක්කොම තියෙද්දී, කොළඹට වහින බව දැන දැන, දැනගෙන ඉඳලා, අගමැතිතුමිය සුද්ධ කරන්න කියලා සුද්ධ නොකරපු, රාජකාරිය පැහැර හැරපු, තමාට ඡන්දය දුන්නු ජනතාවට කොකා පෙන්නපු, උද්ධච්ච අධිමානසිකත්ව බලන්තසාර්ව අයින් කරනවාද නැද්ද කියන එක ඔබතුමාට භාරයි.
හැබැයි අපි එකක් කියනවා. තව සැරයක්, දෙසැරයක් මේ වගේ වෙන්න බැහැ. එහෙම වුණොත් කොළඹ නගරයේ ජනතාවගේ ඡන්දයෙන් පත්වුණු මන්ත්‍රීවරු හැටියට, ඒ කොළඹ නගරයේ ජනතාවත් එක්ක එකට පෙළගැහෙන එක, මොන නාලිකාව, මොන ඩෝබියා විරුද්ධ වුණත් අපි ඒකට පෙළගස්වන එක නවත්වන්න බැහැ කියන අනතුරු ඇඟවීම අපි දෙන්න ලෑස්තියි.
මාධ්‍යවේදියා: “වරද නගර සභාවේ විතරක්ද තියෙන්නේ?”
එස් එම් මරික්කාර්
නැහැ. හැම නගරයකම, හැම පුරවැසියෙක්ම කුණු තැන් තැන් වල දානවා. ප්ලාස්ටික් විසි කරනවා. ඒක අද වෙන දෙයක් නෙමෙයිනේ. හැමදාම වුණා. ඒකට තමයි නගර සභාව ක්ලීන් (පිරිසිදු) කරන්නේ. ක්ලීන් කරන වැඩේ භාරගෙන තියෙන්නේ. එහෙමනම් ඉතින් එහෙම වෙන්න නැත්නම් ක්ලීන් කරන්න ඕනේ නැහැනේ. ඔච්චර ලොරි ඩිප්ලෝයි (යොදවන්න) කරන්න ඕනේ නැහැනේ.
එක්ස්කැවේටර්ස් (කණින යන්ත්‍ර) ඩිප්ලෝයි කරන්න ඕනේ නැහැනේ. ඉතින් තමන්ගේ කාලරාමුව තුළ, තමන් කාලසටහනක් හදලා, අදාළ නිලධාරීන් ඉන්නවා, මෙහෙයවන එකනේ කරන්න තියෙන්නේ. මොකද බලන්තසාර් ගිහිල්ලා කුණු අදින්නේ නැහැනේ. ඒකට සේවකයෝ ඉන්නවා. සැලසුම් කරන්න, උපදෙස් දීලා, සැලසුම ඵලදායී කරන එක තමයි නායකයෙක්ගේ වගකීම. හරිද? ඉතින් ඒක කරලා නැහැනේ. ඔබතුමාට ඕනේ නම් බලන්තසාර්ව හෝදන්න.
මාධ්‍යවේදියා: “ජනාධිපතිතුමා කතා කළේ මීට පෙර හිටපු ජනාධිපතිවරයෙක් ගැන නේද?”
එස් එම් මරික්කාර්
නැහැ. මේ කලින් ඡන්දෙට කලින් දුන්නු ටෝක්ස් මේවා. මේ බලන්න. ඒකත් යට… නැහැ. ඒක තමයි. ඡන්දෙට කලින් දුන්නු ටෝක්ස් දැන් දෙන්නේ නැහැනේ. ඒ වීඩියෝ මකනවා. දැන් අපි ඒවා සුරක්ෂිත කරලා තියාගෙන ඉන්නවා. හරිද? දැන් කියන්න කියන්නකෝ බලන්න. හරිද? කිඹුලාවලට ගිහිල්ලා බලන්තසාර් දුන්නු ටෝක්. හරිද? ඔය තැන් තැන් වල දුන්නු ටෝක් ඔක්කොම තියෙනවා. දැන් ඔක්කොම මට මේකේ දාලා පෙන්නන්න බැරි හින්දා මම මේ නිකන් හිටියේ. ඕනේ නම් ඔබතුමාට ඔක්කොම මම එඩිට් (සංස්කරණය) කරලා, එඩිට් කරලා ෂෝරිල් (showreel) එකක් වගේ හදලා දෙන්නම් විනාඩි පහළොවක.
මාධ්‍යවේදියා: “මාලිගාවත්තත් යට වුණාද?”
එස් එම් මරික්කාර්
මාලිගාවත්ත, පිටකොටුව, බම්බලපිටිය, කොල්ලුපිටිය, තිඹිරිගස්යාය – ඔක්කොම යට වුණා. හරිද? වැඩියෙන්ම යට වුණේ බලන්තසාර්ගේ කොට්ඨාශය, ජාවත්ත. හරිද? බලන්තසාර්ගේ කොට්ඨාශය. හරිද? පොලිස් පාක් එක පිටිපස්සේ. ඒක බලන්තසාර්ගේ කොට්ඨාශය. හරිද? වැඩිය ඕනේ නැහැ, මම ඔබතුමාට උදාහරණයක් කියන්නම්. ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ 27 වෙනිදා, දිට්ඨවාය එන දවසේ, බම්බලපිටියේ ජෝසප් වත්තේ, හරිද? පොල් ගහක් කඩන් වැටිලා තිබ්බා. අගමැතිතුමියගේ ප්‍රධානත්වයෙන් මීටින් එකක් තිබ්බා කොළඹ දිස්ත්‍රික්… මමත් ගියා ඒකට. පොල් ගහ අයින් කරගන්න උපදෙස් දෙන්න තේරෙන්නේ නැහැ. නිලධාරීන් කියනවා “අපේ යන්ත්‍ර සූත්‍ර වලට වත්තට ළඟා වෙන්න බැහැ, වත්ත පොඩි හින්දා” කියලා. ඉතින් මොකක්ද කරන්න කියලා අහනවා. ඉතින් මම ඇහුවා, “ඇයි ඔය ගස් කපන මැෂින් එක තියෙනවානේ? ටැක්ස් ගන්න ඒ වත්ත ඇතුළට යනවානේ? ඒ නිසා ගස් කපන මැෂින් එක ඇතුළට අරන් ගිහිල්ලා මේක කෑලි වලට කපන්න” කියලා. “ආ, ඒක පුළුවන් සර්” කියලා.
ඉතින් ඕක තමයි කනගාටුව. කනගාටුදායක තත්ත්වයක්. ඉතින් මෙහෙමනේ, ජීවිතේ කරපු වැරදි වලට අපි වන්දි ගෙවන්න ඕනේනේ. අපි වැරැද්දක් කරා නම්. ඉතින් මේ නගරයේ ජනතාවට වෙලා තියෙන්නේ ඒක පව් ඉතින්.
මාධ්‍යවේදියා: “අයවැයෙන් වත් මේකට මුදල් වෙන් කරන්න කිව්වා නම්?”
එස් එම් මරික්කාර්
මොකක්ද? අයවැයෙන් වෙන් කරන්න දෙයක් නැහැ. සල්ලි තියෙනවා කොළඹ නගර සභාවට. 20% ක් වත් වියදම් කරලා නැහැ. ආණ්ඩුවෙන් සල්ලි දෙන්න ඕනේ නැහැ. මේ කොළඹ නගර සභාව තරම් පොහොසත් නගර සභාවක් මේ රීජන් (කලාපය) එකේම නැතිව ඇති. ඒ තරම් සල්ලි තියෙනවා. වියදම් කරන්න තේරෙන්නේ නැහැ. අර ගමේ පොලී මුදලාලිලා ඉන්නේ, අම්බානක සල්ලි තියෙනවා, ජීවිතේ විඳින්නේ නැහැ, හරි ඇඳුමක් අඳින්නේ නැහැ, හරි කෑම වේලක් කන්නේ නැහැ, ට්‍රිප් එකක් යන්නේ නැහැ, විනෝදයක් නැහැ, නෑදෑයෝ ආශ්‍රයක් නැහැ, අන්තිමට ඔහේ සල්ලි ටික ඉතුරු කරලා මැරිලා යන්නේ. අන්න ඒ වගේ තමයි මේගොල්ලෝ. හැබැයි මේක කෙළවෙලා යනකොට, හොත්ත සල්ලි ප්‍රමාණයක් කොළඹ නගර සභාවේ එකවුන්ට් (ගිණුම) එකේ ඉතුරු වෙලා තියෙවි.
මාධ්‍යවේදියා: “ආණ්ඩුවෙත් සල්ලි තියෙනවානේ භාණ්ඩාගාරයේ?”
එස් එම් මරික්කාර් : (සිනාසෙයි) ඒකෙත් තියෙනවාද සල්ලි? මම මොකුත් කියන්නේ නැහැ.
මාධ්‍යවේදියා: “දැන් බලන්තසාර්ට සල්ලි තියෙනවා නම්, මේ වියදම් කරන්නේ නැහැ නම්, ඒකේ මන්ත්‍රීවරු… ඔබතුමාත් මන්ත්‍රීවරයෙක්නේ?”
එස් එම් මරික්කාර්
අපේ මන්ත්‍රීවරු නම්… උද්ධච්චකම කොච්චරද කියලා මම කිව්වානේ. ඊයෙවත් අපේ කමිටුවට අපේ ඉන්න මන්ත්‍රීවරු මරණ ගහලා නැහැ. උද්ධච්චකම. හරිද? අපේ මන්ත්‍රීවරු වැඩ කරපු කාලේ මෙහෙම කොළඹ යට වුණේ නැහැ. දැන් අහන් හිටියානේ කාලගුණ නිලධාරි මහත්මයා කියපු එක. එතුමා 1992 දේ ඉඳලා 2024 අපේ පාලන කාලය දක්වා වැස්ස ටික කිව්වා. හරිද? වැස්ස ටික අවුරුදු 32 ක කාලය තුළ මෙහෙම යට වෙලා නැහැ. අවුරුදු 32 කාලය තුළ මෙහෙම යට වෙලා නැහැ.
ඉතින් ඒ නිසා, කොච්චර කතා කළත් ජනාධිපතිතුමා අනුව, ජනාධිපතිතුමාගේ වචනය අනුව, මෙයා රාජකාරිය පැහැර හැරලා තියෙනවා. තමන්ට ජන දුන්නු ජනතාවට කොකා පන්නලා තියෙනවා. බදු ගෙවන ජනතාවට ලබා දිය යුතු සේවාව ලබා නොදීමේ වරදකරුවට, වරදකරු ලෙස මෑ වගකියන්න ඕනේ. ඇය ඒකට දඬුවම් ලැබිය යුතුමයි අනාගතයේදී. හරිද? ඉතින් ඒ නිසා, ඔයිට එහා කියන්න දෙයක් නැහැ. දැන් හෝදන්න කවුරුහරි නාලිකාවකුත් ඉන්නවා නම් ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්.
මාධ්‍යවේදියා: “අයවැයට මොකද වෙන්නේ?”
එස් එම් මරික්කාර් අයවැය ඉදිරිපත් කරපු දේවල් ඉදිරිපත් බලමු. මොකුත් එහෙම ඉල්ලීම් නැහැ ඔබතුමාලාගේ. මොකක්ද? පඩි වැඩිකිරීම්, අරවා මේවා. ඔයා බලන් ඉන්නකෝ. ආණ්ඩුවට ආදායම් මාර්ගයක් එකක්වත් මේගොල්ලෝ අඩු කරන්නේ නැහැ. ජීවන වියදමට සහනයක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා නම්, තනිකර බොරුවක්. හරිද? මගේ කියවීම නම්, උපයන විට ආදායම් බද්ද එක්ලක්ෂ පනස්දාහේ සීමාවේ තියෙන එක ලක්ෂ දෙකහමාරකට ගේන්න පුළුවන්. හැබැයි මට අපිට තේරෙනවා මේක 1.75 කට වගේ ගෙනෙයි කියලා. කාටවත් දැනෙන්නේ නැහැ.
මාධ්‍යවේදියා: “අඩු කරනවා කියලානේ කිව්වේ?”
එස් එම් මරික්කාර්
ඒක තමයි බොරුව. බදු නොගෙවීමේ සීමාව 1.50 සිට දෙකහමාරකට ගෙනියන්න පුළුවන්. 1.75 ට වගේ ගෙනෙයි. පුළුවන් නම් කියන්නකෝ පොරොන්දු වෙච්ච පරිදි ආහාර, අධ්‍යාපන, සෞඛ්‍යයෙන්… මේ හතරවෙනි අයවැයනේ. නැහැ, 24… මේ හතරවෙනි අයවැය. හරිද? පළවෙනි අයවැයෙන් අයින් කරනවා කිව්වේ. හතරවෙනි අයවැයෙන් බිංදු කරන්න කියන්නකෝ. වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ. පුළුවන් නම් කියන්නකෝ තුනෙන් එකකින් විදුලි බලය අඩු… විදුලි බිල අඩු කරන්න ගිහිල්ලා ඉවරවෙලා, ඒ කියන්නේ මේ ආණ්ඩුව ආවයින් පස්සේ වැඩිවෙච්ච ගාන අයින් කරලා, එනකොට තිබිච්ච ගාන තුනෙන් එකකට අඩු කරන්න ඕනේ. කරන්න කියන්නකෝ බලන්න. හරිද?
නැව බාන්න ගණන් තෙල් ගේන්න කියන්නකෝ බලන්න. රුපියල් 145 ක් පෙට්‍රල් වලට ගහනවා බද්ද. හරිද? එහෙම ලොකු දේවල් බලාපොරොත්තු වෙන්න එපා මේගොල්ලන්ගෙන්. එහෙම බලා… දැන් මේ අවුරුදු දෙකහමාර, දෙකයි ගානක් තිස්සේ පෙනුණානේ. ඔබතුමාත් මාධ්‍යවේදියෙක්නේ. හරිද? පොඩි දේවල් තමයි බලාපොරොත්තු වෙන්න. ලොකු ඒවා නැහැ. ලොකු ඒවා හම්බවෙන්නේ නැහැ. හරි.

