පාසල් දරුවන්ගේ ‘ප්‍රියතම සෙරන්’ අකාලයේ නිමාවූ ගමන සහ ඉතිරි කළ කඳුළ හදවත දුකට පත් කරන කතාවකි.
කොළඹ වැල්ලම්පිටිය, සේදවත්තේ පදිංචි 24 හැවිරිදි ජේසු සෙරන් යනු පාසල් දරුවන්ගේ දැඩි ආදරය දිනූ, සැම සමඟ සතුටින් විසූ කීර්තිමත් යෞවනයෙකි.
මීට වසර හයකට පෙර සිය මිය ගිය පියාගෙන් උරුම වූ පාසල් වෑන් රථ ප්‍රවාහන රැකියාවෙන් ඔහු තම පවුලේ ආලෝකය වූයේය. අද ඒ සිනාව සදහටම නිවී ගොස්ය.
“මල්ලි කටවත් කරදරයක් කරන අයෙක් නොවෙයි. අපිට නීතියෙන් නිවැරදිව යුක්තිය ඉටු වෙමින් තිබෙනවා ” යැයි ඔහුගේ සොහොයුරිය වන ජේසු ජෙන්සි (30) වේදනාබරව අප රන මොනරා පුවත් පතට කීවාය.
අදාළ ඝාතනය සිදුවන දින රෑ මෙම ඛේදවාචකයට පෙර ප්‍රියන්ත සමඟ ගත කළ රාත්‍රියේ දී, සෙරන් තම නැන්දණියගේ දියණියට දුරකථන ඇමතුමක් දෙමින්, “මම අද රෑ එන්නේ නෑ… ප්‍රියන්ත අයියලා එක්ක පාටියේ ඉන්නේ. හෙට උදේ ගෙදර එනවා” යැයි පැවසූ අවසන් වදන් අද ඉතිරි කර ඇත්තේ සදාකාලික සෝකි හඬ වැලකි.
අපේ කතාන්දරයේ කතා නායකයා වු සෙරන්ගේ 68 හැවිරිදි මව්තුමිය ලිලි මාග්‍රට් සහ 41 හැවිරිදි වැඩිමහල් සොහොයුරු ජේසු ස්ටීවින් ඇතුළු මුළු පවුලම අද අසීමිත දුකක සහ වේදනාවක ගිලී සිටියි.
රටම කම්පා කරවන මේ අබිරහස් සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය ඉටු කළ කාර්යභාරය අගයන ඥාතීන්, ඝාතකයන්ට නිසි දඬුවම් ලැබෙනු ඇතැයි දැඩි විශ්වාසයෙන් අපේක්ෂා කරති. දරුවන් පාසල් රැගෙන ගිය සෙරන්ගේ මේ අකාලයේ නිමාවූ ගමන මුළු රටම පුදුමයට හා කම්පාවට පත් කළ කතාවකි.
ඉතිං මේ සෙනරන්ගේ කතාවයි.
සසළ නොවන නිසල රැයකි. කැළි කපන කරුවල අතරින් ආලෝකයට මුවා වී මාරයා බලා සිටින බව කවුරුවත් දැන සිටියේ නැත. කොළඹ, ග්‍රෑන්ඩ්පාස්, කම්බි කොටුවවත්තම බියකරු වී තිබිණි.
මචං අද නියම දවස අඩියක් ගහන්න කීවේ අපේ කතාවේ ප්‍රධාන සැකකාර ඝාතකයා වූ ප්‍රියන්ත කුමාර තම අඹ යහලුවා වු මාලන් ඉන්ද්‍රජිත් ප්‍රනාන්දුට කීය.
ගත වුයේ නිමේෂයකි. මේ මිතුරන් දෙදෙනොගේ ආපාන (මධුවිත) සාදය සම්පාදනය වන ග්‍රෑන්ඩ්පාස්,කම්බි කොටුවවත්ත ප්‍රදේශයේ වාහන අලුත්වැඩියා කරන ස්ථානයට පැමිණියේ කුලන්දෙණිය ජේසු සෙරන්ය. සෙරන් තවමත් වයස අවුරදු 24 ක තරුණයෙක් විය.
සෙරන් සේදවත්ත පාරේ අංක 24/25 ඒ් කීරකොටුව, වැල්ලම්පිටිය ගමේ පදිංචි තරුණයකු වු ඔහු කලක සිට ප්‍රියන්ත කුමාර සමඟ දැඩි මිතුරු දමකින් පසුවිය.සෙරන් පැමිණි නවතම යතුරු පැදිය නතර කර වාහන අලුත්වැඩියා කරන් ස්ථානයේ සැකසෙමින් තිබුණු මධුවිත සාදයට සම්බන්ධ විය.
තිදෙනා ආගිය කතා කරන අතරේ විවිධ කතා අතරට මධුවිත පානය සමඟින් කතාව රසවත් වූහ. කට ගැස්ම නිසා ද දුම්වැටි සමඟින් රසවත් වු මේ සාදය ක්‍රම ක්‍රමයෙන් මැදියම් රෑ දක්වා ගමන් කරමින් තිබුණි. තිදෙනාටම දැන් යස පදමට සූර්ය. සුහද සාදය අතර අයකු අතරින් පිට වු වචනයක් නිසා සාදය මාරයාගේ දිසාවට කැඳවා ගෙන යන්නට ගත වුයේ නිමේෂයකි.
සාදය අතරට ආ මාරක වචන පෙළ තිදෙනා අතර වචන රචනාවක් වූහ. මෙය ක්‍රම ක්‍රමයෙන් උග්‍ර වූහ. වචනවලට පන විත් ක්ණිකවම ගුටි බැටි හුවමාරුවක් දක්වා වචන හුට පටය දිගු වී මහ වලියක් බවට පත් වූහ.
තව නිමේෂයකින් සිදු වන්නේ කුමක් ද ? කිසිවකු දැන සිටියේ නැත. ක්ෂණිකව ගුටි බැට හුව මාරුව උණුසුම් වී අපේ කතාන්දරයේ සේදවත්තේ සෙරන් ලේ විලක් මැද ඇඳ වැටිණි.
ප්‍රියන්තගේ සහ මාලන්ගේ මාරාන්තික පහරින් වෙරි මතින් දොඩව දොඩවා ගේම ඉල්ලු සෙරන් මේ මහ රෑ ඝාතනය කෙරිණි. සිදුවයේ කුමක් දැයි දෙදෙනාට මතක් වුයේ දෙදෙනාගේ පහරවලින් සෙරන් මිය ගිය බව දැන ගත් පසුවයි.
වහා ක්‍රියාත්මක වූ සෙරන්ගේ ඝාතකයෝ ඉටි කොළයකට සෙරන්ගේ සිරුරු ඔතා ප්‍රියන්තගේ වාහනයට පටවා සඟවා සෙරන්ගේ යතුරු පැදිය ද වැහනයටම දමා ඝාතනය මිහිදින් කරන්නට සැලසුමක් දියත් කළහ.
කිසිවක් සිදු වුයේ නැති බවට කිසිදු සාක්ෂියක් නැති නොවන පරිදි සෙරන්ගේ මළ මිනිය ද තම වාහනයේ දමා ගෙන ඔවුහු පිටත් වූහ.
ඉතිං මේ වාහනය දැන් ධාවන වන්නේ කිරිඳිවැල පොලිස් වසමේ පැපිලියවල ප්‍රදේශය දක්වා ගමන් කර සෙරන්ගේ සිරුර පුළුස්සා දමන්නට තරම් මේ ඝාතකයෝ අමාණුෂික ආකාරයට කටයුතු කළහ.
සාදය හමාර විය. සෙරන්ගේ යතුරු පාදිය වාහනයේ දැන් තිබේ. කළ යුත්තේ කුමක් ද? යතුරු පැදිය ද විනාශ කළ යුතු බව ඝාතකයෝ කල්පනා කළහ.
නමුත් මේ සඳහා කදිම නුවනක් පහළ වු ප්‍රියන්ත සිදු කළේ සෙරන්ගේ වාහනය රැගෙන රාත්‍රියේම සෙල්ල කතරගම දක්වා වාහනයේ කොටස් රැගෙන ගොස් විනාශ කර යළිත් කොළඹට පැමිණියහ.
සියල්ලම මෙසේ අවසන් වු බව පවසමින් ප්‍රියන්ත හා මාලන් හොර රහසේ ප්‍රදේශයෙන් පැන ගොස් කිසිවක් සිදු නොකළ ආකාරයට සැඟව සිටියෝය.
දමිළ හින්දි චිත්‍රපටයක දර්ශන මෙන් සිදු කළ මේ ඝාතනයට වීරසිංහ චන්න කැළුම් සිල්වා සහ චාමර චතුරංග සිල්වා යන සහෝදරයන් ද සහාය සහයෝගය මේ ඝාතකයන්ට ලැබි තිබිණි.
ඒ් අතර සුපුරුදු දෛනික කටයුතු සිදුකරමින් කිසිවෙකුටත් සැක නොසිතන ආකාරයෙන් ඝාතකයෝ සියල්ලෝම කටයුතු කළහ.
මේ අතර සෙරන් ආ ගිය අතක් නෑ. වැල්ලම්පිටිය,සේදවත්තේ පදිංචිව සිටි සෙරන්නේ දෙමාපියෝ ග්‍රෑන්ඩ්පාස් පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් වහාම අවධානය යොමු කළ කොළඹ දිසා අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි මහතාගේ උපදෙස් මත, මෙහෙයුම් (I)පොලිස් අධිකාරී H.M.S. නිශාන්ත, ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අරුණ ගුරුසිංහ, සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සී.අයි කපිල කරුණාවංශ යන මහත්වරු සමඟින් සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ උප පොලිස් පරීක්ෂක ඩී.එම්.ඩී. වික්‍රමසිංහ උපාය ධූතයන් සමඟින් ලද තොරතුරු රැසක් මත දැවැන්ත මෙහෙයුමක් දියත් කළ බව ඝාතකයෝ දැන සිටියේ නැත.
මේ අනුව වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි තරුණයෙකු ඝාතනය කර සිරුර පුළුස්සා දමා, අස්ථි කොටස් කැලණි ගඟට දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
2025 ඔක්තෝබර් 14 වැනිදා මෙම තරුණයා අතුරුදන්වීම සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසිය මූලික විමර්ශන ආරම්භ කර තිබූ අතර,වැඩිදුර විමර්ශන කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් සිදුකරනු ලැබීය.
විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ අතුරුදන් වූ තරුණයා 2025 ඔක්තෝබර් 11 වැනිදා ග්‍රෑන්ඩ්පාස්, කම්බි කොටුවවත්ත ප්‍රදේශයේ වාහන අලුත්වැඩියා කරන ස්ථානයකදී තවත් පිරිසක් සමඟ මත්පැන් පානය කර ඇති බව පොලිස් උපා්ය ධූතයෝ සොයා ගත්හ. ඔහු අතුරුදන් වීමෙන් පසු එම පිරිස ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව ද අනාවරණ කර ගන්නට පොලිස් උපාය ධූතයෝ සමත් වුහ.
ඒ අනුව, 2026 ඔක්තෝබර් 30 වැනිදා මාබෝල කළු පාලම අසලදී සහ මහර ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වූ තොරතුරු මත තවත් සැකකරුවන් දෙදෙනෙකු උස්වැටකෙයියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වූහ.
සැකකරුවන්ගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ අතුරුදන් වූ තරුණයා ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ වාහන අලුත්වැඩියා කරන ස්ථානයකදී ඝාතනය කළ බවයි.
පසුව සිරුර කිරිඳිවැල පොලිස් වසමේ පැපිලියවල ප්‍රදේශයේදී පුළුස්සා දමා, පොලිසිය නොමඟ යවන්නට සැලසුම් කළ ඝාතකයෝ එහි අස්ථි සහ අනෙකුත් අවශේෂ කොස්ගම පොලිස් වසමේ රංවල පාලම අසලින් කැලණි ගඟට දමා ඇති බව ද පොලිස් උපාය ධූතයෝ සොයා ගත්හ.
2026 නොවැම්බර් 01 වැනිදා පුගොඩ මහේස්ත්‍රාත්වරයා, වතුපිටිවල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සහ ගම්පහ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින් පැපිලියවල ප්‍රදේශයේ ස්ථානීය පරීක්ෂණයක් සිදු කෙරිණි. එහිදී යතුරුපැදි ස්විච් යතුරක්, සුරයක්,අස්ථි කොටස් කිහිපයක් සහ පිළිස්සුණු ටෙන්ට් රෙද්දක කොටසක් සොයාගෙන නඩු භාණ්ඩ ලෙස භාරයට ගෙන තිබිණි. එදිනම රංවල පාලම අසල කැලණි ගඟේද ස්ථානීය පරීක්ෂණයක් සිදුකර ඇති අතර, ඒ සඳහා නාවික හමුදා කිමිදුම් නිලධාරීන්ගේ සහාය ලබාගෙන තිබිණි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 29, 32, 37 සහ 46 යන වයස්වල පසුවන වැල්ලම්පිටිය සහ අගලවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කළේය.
මේ වන විට සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 2026 නොවැම්බර් 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
වයස අවුරුදු 24 ක පුද්ගලයෙකු 2025.10.14 දින සිට අතුරුදන් බවට ලද තොරතුරක් සම්බන්ධව ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය විසින් මූලික විමර්ශන සිදුකළ අතර වැඩිදුර විමර්ශන කටයුතු කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් ආරම්භකර කෙරිණි.
ඔවුන්ගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී අතුරුදන් වූ පුද්ගලයා ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ වාහන අළුත්වැඩියා කරන ස්ථානයක් තුලදී ඝාතනය කර කිරිඳිවැල පොලිස් වසමේ පැපිළියාවල ප්‍රදේශයේදී මළ සිරුර පුලුස්සා දමා අවශේෂ කොටස් කොස්ගම පොලිස් වසමේ රංවල පාලමෙන් කැලණි ගඟට දමා ඇති බව අනාවරණය කර ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකිවී තිබේ.
ඉහත අනාවරණය කර ගන්නා තොරතුරු සම්න්ධයෙන් 2026.11.01 දින පූගොඩ ගරු මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර ඇති අතර, ගම්පහ අපරාධ ස්ථාන නිලධාරීන් විසින් අපරාධ ස්ථානීය පරීක්ෂාවක්, පූගොඩ ගරු මහෙස්ත්‍රාත්තුමා සහ වතුපිටිවල රෝහලේ අධිකරණ වෛද්‍යවරයා ස්ථානීය පරීක්ෂාවක් සිදු කෙරිණි.
එහි දී මෙම අපරාධයට සම්බන්ධ බවට සැකකරන යතුරු පැදියක ස්විච් යතුරක්, සුරයක්, අස්ථී, මරනය ඔතාගෙන ආ බවට සැක කරන් ඉටු කොළයක කොටස් කිහිපයක් සහ මළ සිරුර එම ස්ථානය රැගෙන ආ බවට සැකකළ හැකි පිලිස්සී ගිය ටෙන්ට් රෙද්දක කොටසක් නිලධාරීන් විසින් සොයා ගෙන නඩු භාණ්ඩ වශයෙන් පොලිස් භාරයට ගෙන තිබිණි.
මෙම ඝාතනය සිදුකර සිරුර පිළිස්සීමෙන් පසු සැකකරුවන් විසින් අස්ථී කොටස් සහ අවශේෂ කොටස් රැගෙන ගොස් දැමූ කොස්ගම පොලිස් වසමේ රංවල පාලම අසල කැලණි ගඟෙහිද ස්ථානීය පරික්ෂාවක් 2026.11.01 දින අවිස්සාවෙල්ල ගරු මහෙස්ත්‍රාත්තුමා සිදුකර ඇති අතර සීතාවක අපරාධ ස්ථාන පරික්ෂණ නිලධාරීන් අපරාධ ස්ථාන පරීක්ෂාවක් සිදුකර තිබේ.මේ සඳහා නාවික හමුදා කිමිදුම් නිලධාරීන්ගේද සහය ලබා ගෙන තිබිණි.
සිදු කරන ලද විමර්ශනයෙන් අනාවරණය කරගත් තොරතුරු සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් පසුගිය 2026.11.02 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරික්ෂන දිගටම ක්රියාම්ක වෙමින් පවති.
මෙම ඝාතනයේ මහ මොළකරුවා වුයේ ආර්.පී ප්‍රියන්ත කුමාරයි. මොහු ප්‍රධාන සැකකරුවා බව පොලිසිය කරුණු අනවාරණය කර ගෙන තිබේ.ප්‍රියන්ත කුමාරගේ මිතුරා සහයකයා වුයේ වර්ණ කුලසූරය මාලන් ඉන්ද්‍රජිත් ප්‍රනාන්දුය. මේ පිරිස කලක පටන් මිතුරෝ බව ද පොලිසිය පවසයි.
කොළඹ දිසා අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි මහතාගේ උපදෙස් මත,මෙහෙයුම් (I)පොලිස් අධිකාරී H.M.S. නිශාන්ත, ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අරුණ ගුරුසිංහ, සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සී.අයි කපිල කරුණාවංශ යන මහත්වරු සමඟින් සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ උප පොලිස් පරීක්ෂක ඩී.එම්.ඩී. වික්‍රමසිංහ, පොලිස් කොස්තාපල් වරුන්වන 73198 ගුණසිංහ, 88619 අජිත්, 39078 ජයතිලක,91826 කුමාර, 3122 දිනේෂ්,12015 රන්දික,104139 මධුභාෂණ,104482 වීරී,104504 ජේකබ්,104217 මධුෂාන්, පොලිස් කොස්තාපල් රියදුරු 105583 රුවන්, පොලිස් කොස්තාපල් රියදුරු 80740 රුවන් මෙම මෙහෙයුමට සම්බන්ද වුයේ උපාය ධූතයන් ලෙස කටයුතු කරමිනි.
මේ ආකාරයට කාලයේ වැලිතලාවෙන් වැසි ගිය මහා ඝාතනයක සුළුමුල සොයා ගන්නට පොලිසියට හැකි වූහ.
නිමල් අල්ගෙවත්ත 2026.11.08 ඉරිදා රණ මොනරා පත්තරේ පල වු ලිපියකි.

