ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි තත්ත්ව සාරාංශ වාර්තාව
කොළඹ, පාමංකඩ: අධික වර්ෂාපතනයත් සමඟ ඇති වූ ක්ෂණික ගංවතුර තත්ත්වයක් හේතුවෙන් නිවසක සිරවී සිටි වයෝවෘද්ධ යුවළක් ගම්වාසීන් සහ ආපදා කළමනාකරණ ඒකකය එක්ව ආරක්ෂිත ඉහළ මහලකට මාරු කර ඇත. අම්බලන්ගොඩ: නගර සභා ක්‍රීඩාංගණයේ නැරඹුම් මැදිරියේ හටගත් ගින්නක් නගර සභා ජල බවුසරයක් මඟින් පාලනය කර තිබේ.
(මෙම සිදුවීම් දෙකෙන්ම කිසිදු ජීවිත හානියක් හෝ තුවාල වීමක් වාර්තා වී නොමැත.)
වැඩිම වර්ෂාපතනයක් වාර්තා වූ ප්‍රදේශ:
පසුගිය පැය 24 තුළ මි.මී. 50 ඉක්ම වූ වැසි ස්ථාන 16ක වාර්තා වී ඇති අතර, ඉන් වැඩිම අගයන් පහත පරිදි වේ:
තිඹිරිගස්යාය: මි.මී. 146.60 මට්ටක්කුලිය: මි.මී. 125.50 බෝපාගම: මි.මී. 117.60 නාවලපිටිය: මි.මී. 116.60 මෝල්කාව: මි.මී. 111.40
රාජාංගනය, අඹේවෙල, අලිකොට ආර, දැදුරු ඔය, බඳගිරිය, උඩවලව, යෝධ වැව සහ කලා වැව යන ජලාශවල වාන් දොරටු විවෘත කර ඇත. පහළ ප්‍රදේශවල පදිංචි ජනතාව දැඩි අවධානයෙන් පසුවන්න.
රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන සහ ගොඩකවෙල ප්‍රදේශ සඳහා ඇම්බර් (විමසිලිමත්) මට්ටමේ නායයෑම් අවවාද නිකුත් කර ඇත.
උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට මහනුවර, නානුඔය සහ මාතලේ දක්වා ධාවන කටයුතු තාවකාලිකව නතර කර ඇති අතර, ධාවනය සිදු වන්නේ නානුඔය සිට බදුල්ල දක්වා පමණි. සෙසු මාර්ග සහ ප්‍රවාහන තත්ත්වයන් යථා තත්ත්වයට පත්ව ඇත.
ඉදිරි කාලගුණ අනාවැකිය:අද දිනයේ පස්වරු 1.00න් පසුව දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි අපේක්ෂා කෙරේ.
මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වන අතර, ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලිකව තද සුළං (පැ.කි.මී. 60-70) ඇති විය හැකි බැවින් මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැක.

