ජනතාවගෙන් අසාධාරණ ලෙස මුදල් සූරාකෑමට එරෙහිව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයෙන් ඇමතිට සූප්පුවක්!
වත්මන් විදුලි බල ඇමතිවරයා ඇතුළු පාලනාධිකාරියේ අදක්ෂතාවල පාඩුව තවදුරටත් මහජනතාව මත පටවන්නේ නැතිව, වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලි බිල අනිවාර්යෙන්ම 15%ත් 20%ත් අතර ප්‍රමාණයකින් පහත හෙළිය යුතු බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ සංජීව ධම්මික අවධාරණය කරයි.
අද දින (04) මරදාන ප්‍රදේශයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ නියෝජිතයින් මෙම අදහස් පළ කළ අතර, බලධාරීන්ගේ නිසි ක්‍රියාමාර්ග නොගැනීමට විරෝධය පළ කරමින් විදුලි බල ඇමතිවරයා වෙත ‘සූප්පුවක්’ තිළිණ කිරීමටද ඔවුන් කටයුතු කළහ.
බාල ගල් අඟුරු සහ අනිසි වියදම් නමින් කෝටි ගණනක වංචාවක්!
මෙහිදී අදහස් දැක්වූ සංගමයේ නියෝජිතයින් පෙන්වා දුන්නේ ජාතික පද්ධති ක්‍රියාකරු (NSO) විසින් වසරේ අවසාන කාර්තුව සඳහා 2.88%ක ගාස්තු වැඩිවීමක් ඉල්ලා සිටියද, මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින් එය ප්‍රතික්ෂේප කර ගාස්තු 1.46%කින් පහත හෙළා ඇති බවයි. නමුත් සැබෑ බිම් මට්ටමේ පවතින අවම පිරිවැය සහිත හරිත බලශක්ති ධාරිතාවයන් සැලකිල්ලට ගෙන විදුලි බිල මීට වඩා විශාල ප්‍රතිශතයකින් අඩු කිරීමට පූර්ණ හැකියාව පවතින බව ඔවුහු පෙන්වා දෙති.
තවද, 2024 විදුලි බල පනතේ 9 වන වගන්තිය පවා උල්ලංඝනය කරමින් ගාස්තු සූත්‍රයට ඇතුළත් කර ඇති පහත සඳහන් රුපියල් මිලියන 16,000කට අධික අසාධාරණ සහ නීති විරෝධී පිරිවැය වහාම කපා හැරිය යුතු බව සංගමය බලධාරීන්ට අභියෝග කර සිටී:
බාල ගල් අඟුරු සඳහා වූ නීති විරෝධී පිරිවැය: රුපියල් මිලියන 4,380යි
බලපත්‍ර නොමැතිව සිදුකළ නීති විරෝධී ගාස්තු: රුපියල් මිලියන 10,601යි
BESS අනවශ්‍ය ධාරිතා ගාස්තු: රුපියල් මිලියන 703යි
EDL අවසන් නොකළ ව්‍යාපෘති වෙනුවෙන් පැටවූ පිරිවැය: රුපියල් මිලියන 1,069යි
නීතිය ක්‍රියාත්මක කිරීමට කොමිසමට බලපෑම්
“සොබාධනවි” සහ WESCOS වැනි ආයතන හරහා නිරන්තරයෙන් පොරොන්දු වන ඉන්ධන සැපයුම් ගිවිසුම් මෙතෙක් ඉටු කර නොමැති බවත්, මෙකී නීති විරෝධී හා ගිවිසුම්ගත පැහැර හැරීම් හමුවේ මහජන උපයෝගිතා කොමිසම වහාම මැදිහත් වී නීතිමය පියවර ගත යුතු බවත් විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය වැඩිදුරටත් කියා සිටී.

