සමාජයෙන් හතරෙන් එකකට අංශ භාග   අවදානමක්!  

මැදි වයසැති ජනගහනයෙන් 14 දෙනෙකුගෙන් එක් අයෙකු තුළ අංශ භාග ලක්ෂණ!  

මරණ අතර දෙවන, තෙවන හෝ සිව්වන ස්ථානය අංශ භාග ! 

රට තුළ මේ වන විට අතිශය භයානක සහ බහුල සෞඛ්‍ය ගැටළුවක්  ලෙස අංශභාගය පත්ව ඇති බව ශ්‍රී ලංකා ආඝාත සංගමයේ සභාපති, කොළඹ ජාතික රෝහලේ ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය ගාමිණී පතිරණ පවසයි.

වසරකට රෝගීන් 60,000 ක් සහ මරණ 4,000 ක්පවතින දත්ත වලට අනුව, මෙරට තුළ වාර් ෂිකව  රුධිර වාහිනී ආඝාත රෝගීන් 60,000ක් පමණ වාර්තා වන අතර, එයින් 4,000 ක් පමණ පිරිසක් මියයන බව ද ඔහු කීය.

මැදි වය සැති ජනගහනයෙන් 14 දෙනෙකුගෙන් එක් අයෙකු තුළ අංශභාග ලක්ෂණ පෙන්නුම් කරන බවට දත්ත පෙන්වා දෙනු ලබන බවද ඔහු කීය.

මොළයට රුධිරය සපයන රුධිර වාහිනියක අවහිරතාවක් හෝ රුධිර වාහිනියක් පිපිරීමක් නිසා මොළයේ සෛලවලට සිදුවන හානියක් ලෙස ආඝාතය හැඳින්වෙන අතර, සමාජයේ  සියයට 25 කට එනම් හතරෙන් එකකට ජීවිත කාලය තුළ මෙම රෝගය වැළඳීමේ ප්‍රවණතාවක් පවතින බව ද ඔහු කීය.

ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද මියයෑම් අතර දෙවන, තුන්වන හෝ හතරවන ස්ථානය හිමිව ඇත්තේ ආඝාතයට වන අතර, පළමු ස්ථානයේ පවතින්නේ හෘදයාබාධ (Heart Attacks / Myocardial Infarction) බවත්  ආඝාතය නිසා ඇතිවන දුබලතාව රෝගියාට මෙන්ම මුළු පවුලටම සහ සමාජයටම දැරිය නොහැකි බරක් වී තිබේ.

Share.
Leave A Reply