හෝමාගම සිද්ධියෙන් විරෝධය ඇවිළෙයි! ස්වාධීන පරීක්ෂණ සහ නීති සංශෝධන ඉල්ලා දැඩි බලපෑම්!

පසුගිය වසර පහක (2020 සිට 2025 මැයි දක්වා) කාලය තුළ පොලිස් අත්අඩංගුවේ පසුවූ සහ පොලිස් මෙහෙයුම්වලට ලක්වූ පුද්ගලයන් 79 දෙනෙකු අමානුෂික ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නවතම වාර්තා මඟින් අනාවරණය වේ.

මේ අනුව, පොලිස් අත්අඩංගුවේදී/කූඩුව තුළදී සිදුවූ මරණ 49 කි.‘සැඟවූ ආයුධ පෙන්වීමට’ රැගෙන යාමේදී සිදුවූ මරණ 30 කි.ඒ් අනුව පොලිස් අත්අඩංගුවේ සිටිය දී මරණයට පත්ව ඇති පිරිස  79 ක් පමණ වේ.

මෑතකදී හෝමාගම පොලිස් අත්අඩංගුවේ පසුවූ තරුණයෙකු මියයාමේ සිද්ධියත් සමඟ පොලිස් භාරයට ගන්නා රැඳවියන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට බලධාරීන් දිගින් දිගටම අසමත් වීම පිළිබඳව සිවිල් සංවිධාන, මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ ජාත්‍යන්තර සංවිධාන රජයට එරෙහිව දැඩි විවේචන එල්ල කරමින් සිටී.

මෙවැනි නීති විරෝධී සහ අසාධාරණ මරණ වහාම වැළැක්වීම සඳහා ස්වාධීන පරීක්ෂණ යාන්ත්‍රණයක් සකස් කරන ලෙසත්, පොලිස් බලතල සහ අත්අඩංගුවට ගැනීමේ පටිපාටීන් සම්බන්ධයෙන් වහාම නීතිමය ප්‍රතිසංස්කරණ සිදුකරන ලෙසත් මානව හිමිකම් සුරැකීමේ සංවිධාන රජයෙන් දැඩි ලෙස ඉල්ලා සිටිති.

Share.
Leave A Reply