ලීටර් බිලියන 35ක ජල ධාරිතාව සියයට 40 කින් බසී!
වසරකට 300,000ක් අවතැන්! දළ දේශීය නිෂ්පාදියෙන් 1 ක් ගංවතුරට!
රටේ තෙත්බිම් හෙක්ටයාර 2 74,000 න් හෙක්ටයාර 15,000 – 20,000ත් අතර ප්රමාණයක් අක්රමවත් ගොඩකිරීම් නිසා විනාශ වී ඇති බව පරිසර අධ්යයන සහ ජාත්යන්තර ජල කළමනාකරණ ආයතනය (IWMI) දත්ත හෙළි කරයි.
මේ නිසා රටම මහා ව්යවසනයකට පත්ව ඇති බව ආපදාකළමනාකරණ මධ්යස්ථාන දත්ත සටහන් පෙන්වා දෙති.
කොළඹ නගරයේ පමණක් පැවති හෙක්ටයාර 8,000 ක පහත්බිම්වලින් හෙක්ටයාර 6,000 ක් ගොඩකිරීම නිසා වරකට ලීටර් බිලියන 35 ක් වූ ජල රඳවා ගැනීමේ ධාරිතාව සියයට 40 කට වඩා පහත වැටී ඇත.
මෙහි ප්රතිඵලයක් ලෙස බස්නාහිර පළාතේ භූමියෙන් සියයට 16 ක් “ඉතා ඉහළ” සහ සියයට 29 ක් “ඉහළ” ගංවතුර අවදානම් කලාප බවට පත්ව තිබේ.
අතීතයේ වසර 10කට වරක් ආ ගංවතුර දැන් වසරකට 2 – 3 වරක් නාගරික ප්රදේශ ගිලගන්නා අතර, වසරකට ජනතාව 150,000 – 300,000ත් අතර සංඛ්යාවක් අවතැන් වී නිවාස 1,000 – 3,000කට හානි සිදුවේ.
ආර්ථික වශයෙන් දළ දේශීය නිෂ්පාදියෙන් (GDP) සියයට 1 ක් වසරකට අහිමි වන අතර, රුපියල් බිලියන 2ක (USD මිලියන 13.6) ස්වාභාවික පරිසර සේවා අගයක් අහිමි වී ඇත. නාගරික උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5°C – 2.5°Cකින් ඉහළ ගොස් තිබේ.
මේ සඳහා ඩොලර් මිලියන 200කට වැඩි පිරිවැයකින් මෙට්රෝ කොළඹ නාගරික සංවර්ධන (MCUDP) ව්යාපෘතිය යටතේ ජල පොම්පාගාර හා උමං මාර්ග ඉදිකර ඇති අතර, 1968 අංක 41 දරන පනතින් පහත්බිම් ගොඩකිරීම සිරදඬුවම් ලැබිය හැකි වරදක් කර ඇති නමුත් මෙය නිසි පරදි ක්රියාත්මක වන්නේ දේ යන්න විද්වතුන්ගේ මතයයි.

