2023 දී උපරිම වාර්තාගත වීම් 1,130ක්: දිස්ත්රික් රෝගීන්ගෙන් 25%ක්ම කොළඹ මහනගර සභා සීමාවෙන්
ඖෂධ හිඟය මඟහරවා ගැනීමට ඉන්දියාවෙන් රුපියල් මිලියන 52ක හදිසි ඖෂධ තොගයක් ගෙන්වයි!
කොළඹ මහනගර සභා බලප්රදේශය තුළ ක්ෂය රෝගය ව්යාප්ත වීමේ ශීඝ්ර වර්ධනයක් පෙන්නුම් කරන අතර, ගතවූ වසර කිහිපය තුළ නාගරික සීමාවෙන් වාර්තා වන රෝගීන් සංඛ්යාව වසරකට 1,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව ජනමාධය හා සෙෘඛ්ය ඇමති නලිනද ජයතිස්ස පවසයි.
කොළඹ දිස්ත්රික්කයෙන් වාර්තා වන මුළු ක්ෂය රෝගීන්ගෙන් සියයට 25 ක්ම (හතරෙන් එකක්) කොළඹ මහනගර සභා බලප්රදේශයට අයත් අතිශය ජනාකීර්ණ සීමාවෙන් වාර්තා වන බවයි.
පසුගිය වසරවල කොළඹ නගර සභා සීමාවේ රෝගීන් සංඛ්යාවව මෙසේය.
2019: 871,2020: 736,2021: 796,2022: 1,093,2023: 1,130 (වැඩිම රෝගීන් සංඛ්යාවක් වාර්තා වූ වසර),2024: 1,064, 2025: 968 කි.
මීට අමතරව කොළඹ දිස්ත්රික්කය මුළුමනින්ම ගත් කල, වසරකට රෝගීන් 2,000 කට අධික සංඛ්යාවක් වාර්තා වන අතර 2015 දී රෝගීන් 2,264 ක්, 2016 දී 2,156 ක්, 2017 දී 2,051 ක් සහ 2018 දී 2,088 ක් ලෙස වාර්තා වී ඇත.
බැක්ටීරියාව මගින් ව්යාප්ත වන මෙම රෝගය, පෙනහැලි ක්ෂය රෝගියෙකු කහින, කිවිසුම් යවන හෝ කතා කරන විට වාතයට මුදාහැරෙන ක්ෂුද්ර බිඳිති ආශ්වාස කිරීමෙන් නිරෝගී පුද්ගලයන්ට බෝ වෙන බවද හෙතෙම කීය.
රට තුළ පවතින සාමාන්ය ප්රසම්පාදන ක්රියාවලිය හරහා ඖෂධ ගෙන්වීමට දීර්ඝ කාලයක් ගතවන බැවින්, ඇතිවිය හැකිව තිබූ දැඩි ක්ෂය රෝග ඖෂධ හිඟය මඟහරවා ගැනීම සඳහා ඉන්දීය රජයේ සහාය ලබාගෙන ඇත. ඒ අනුව රුපියල් මිලියන 52ක් වටිනා ඖෂධ කිලෝග්රෑම් 2,600ක් ඉන්දියාවෙන් හදිසියේ ලබාගෙන ඇති අතර, එම ඖෂධ තොගය මේ වන විටත් රෝහල් සහ සායන වෙත බෙදාහැර අවසන් බව අමාත්යවරයා පැවසීය.

