එහෙත් මිලියන 3.45කට තවමත් දරිද්රතාවේ අවදානමක්!
ලෝක බැංකුවේ නවතම වාර්තාවෙන් අනාවරණයක්!
2028දී දරිද්රතාව සියයට 14 දක්වා පහළ යන පුරෝකථනයක්
ලංකාවේ දරිද්රතා අනුපාතය 2026 වසරේ දී සියයට 15.8 ක් දක්වා පහළ යනු ඇතැයි ලෝක බැංකුවේ නවතම සාර්ව ආර්ථික හා දරිද්රතා දැක්ම – ඔක්තෝබර් 2026 වාර්තාව සටහන කර තිබේ.
දිනකට ඇමෙරිකානු ඩොලර් 4.20ක ජාත්යන්තර මිලදී ගැනීමේ ශක්ති සීමාව අනුව ගණනය කරන මෙම දරිද්රතා අනුපාතය 2023 දී සියයට 20.7 ක්ව පැවති අතර, 2028 වන විට සියයට 14 ක් දක්වා අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
වාර්තාවට අනුව 2026 දී දිනකට ඩොලර් 3ක ජාත්යන්තර දරිද්රතා සීමාව යටතේ අනුපාතය සියයට 5.5 ක් වන අතර, දිනකට ඩොලර් 8.30ක සීමාව යටතේ එය සියයට 59.1කි. එම අගයන් 2021 මිලදී ගැනීමේ ශක්ති සමානතා පදනම මත ගණනය කර ඇත.
රටේ ලක්ෂ 220 පමණ ජනගහනයක් සැලකිල්ලට ගත් විට සියයට 15.8 යනු දළ වශයෙන් මිලියන 3.45ක ජනතාවකට සමාන වේ.

