මෙරට වාර්ෂිකව අලි 450ක් නිල වශයෙන් සහ තවත් 150ක් අනියම් ලෙස සමස්තයක් ලෙස වසරකට අලි 600 ක් පමණ අහිමි වන බව සමගි ජන බලවේගයේ පානදුර ආසන සංවිධායක,පරිසරවේදී නයනක රන්වැල්ල පවසයි.
එපමණක් නොව, උද්ධමනය සියයට 10.8 ඉක්මවා ගොස් ඇති අතර, ඩොලරයේ අගය රුපියල් 50ත් 60ත් අතර ප්රමාණයකින් ඉහළ ගොස් ඇති බවද ඔහු කීය.
විදුලි බිල සහ ඉන්ධන මිල අහස උසට නැඟී ඇති පසුබිමක, ආණ්ඩුව ජාතික පද්ධතියට මෙගාවොට් 810ක් අහිමි කරමින් යළිත් විදුලි කප්පාදුවක් කරා ගමන් කරමින් සින බවද ඔහු කීය.
කෘෂිකර්ම වර්ධන වේගය සියයට 1.1 දක්වා පහත වැටී ඇති අතර, බුද්ධ ශාසනයට සහ සංස්කෘතියට එල්ල වී ඇති අභියෝග හමුවේ රටේ ප්රජාතන්ත්රවාදය මර්දනය වෙමින් පවතින බව රන්වැල්ල මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

