2025දී ජලභීතිකා මරණ 14යි – 2030 ඉලක්කයට සුනඛ ගහනයත් රෝග වාහක සතුනුත් අභියෝගයක්

ලංකාවේ දිනකට සත්ව ප්‍රහාර 471 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වන අතර, 2020 සිට 2024 දක්වා වසර පහ තුළ වාර්තා වූ මුළු ප්‍රහාර සංඛ්‍යාව 858,778 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය, පාර්ලිමේන්තුව, එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය කටයුතු සම්බන්ධ විශේෂිත ආයතනයේ දත්ත සටහනක දැක් වේ.   

2024 දී පමණක් සත්ව ප්‍රහාර 184,926ක් වාර්තා වී තිබේ. සත්ව ප්‍රහාර පිළිබඳ බරපතළ මහජන සෞඛ්‍ය ගැටලුවක් රට හමුවේ ජනති වී තිබේ.

2025දී මෙරටින් ජලභීතිකා මරණ 14ක් තහවුරු වූ අතර, සතුන් අතර රෝගීන් 346ක් වාර්තා විය. එම වසරේ බල්ලන් මිලියන 1.6කට වැඩි පිරිසකට එන්නත් කළද රෝගය සත්ව ජනගහනයෙන් තුරන් වී නැත. ජල භීතිකාව රෝග ලක්ෂණ මතු වූ පසු මාරාන්තික විය හැකි නමුත්, නිරාවරණයෙන් පසු කඩිනම් ප්‍රතිකාර ලබාගැනීමෙන් වළක්වාගත හැකිය.

රටේ සුනඛයන් මිලියන 2.1ත් 2.7ත් අතර බව විවිධ ඇස්තමේන්තු පළවුවද, නිල ජාතික සංගණනයක් නොමැති බැවින් නිශ්චිත ගණනක් තහවුරු වී නැත. බල්ලන්ට අමතරව බළලුන්, ලේනුන්, ගවයන් හා මුගටියන්ගෙන්ද රෝගය පැතිරිය හැකි ද සටහනේ දැක්වේ.

2025දී ප්‍රතිකාර හා එන්නත්කරණයට රුපියල් මිලියන 655.8ක් වැය වී ඇති අතර, 2026 පාලන වැඩසටහනට මිලියන 51ක් වෙන්කර තිබේ. රජයේ 2030 ඉලක්කය ජලභීතිකාව තුරන් කිරීමයි.

Share.
Leave A Reply