අත්හදා බැලීම් යුගය අවසන් – බොරු පොරොන්දු දේශපාලනය වෙනුවට රට ගොඩනඟන ප්‍රායෝගික වැඩපිළිවෙළක් රජයට!

දශක ගණනාවක් පුරා නොයෙකුත් අත්හදා බැලීම්වලට ලක්වෙමින්, ඉටුකළ නොහැකි බොරු පොරොන්දුවලට රැවටී අඩපණ වූ ශ්‍රී ලාංකේය ආර්ථිකය සහ ජනතාවගේ ජීවන තත්ත්වය නැවත සැබෑ ලෙසම ප්‍රබල කිරීමේ ජාතික මෙහෙයුම ඇඹිලිපිටියෙන් ආරම්භ විය.

පසුගිය කාලය පුරාවටම ජනතාවගේ ආර්ථික දුෂ්කරතා සහ අසරණකම මුදල් කරගනිමින්, ලාභ පෙට්‍රල්, අඩුමිල වාහන හෝ නොමිලේ දෙන සහන වැනි ඉටුකළ නොහැකි සිහින පෙන්වා බලය ලබාගැනීමේ පැරණි දේශපාලන සංස්කෘතිය මෙරට ජනතාව අත්හදා බලා අවසන් බව සර්වජන බලය ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

“ජනතාව තවදුරටත් රැවටීමට සූදානම් නැහැ. මින්පසු හීනෙන්වත් ඒ වගේ අත්හදා බැලීම්වලට යන්නේ නැහැ. ජනතාවට අවශ්‍ය කරන්නේ අසාර්ථක පොරොන්දු නෙවෙයි, රටේ ආර්ථිකය සැබෑ ලෙසම ශක්තිමත් කරන, නිෂ්පාදනය සහ වැඩපිළිවෙළ මත පදනම් වූ ප්‍රායෝගික නායකත්වයක්,” යැයි ඇඹිලිපිටියේදී පැවැති ජනහමුවක් අමතමින් අමුණුගම මහතා සඳහන් කළේය.

රට ප්‍රබල කරන මූලික ඡේද 4:

අතීත අසාර්ථකත්වයන්ට තිත:

පැරණි දේශපාලනය විසින් ජනතාවගේ දුප්පත්කම හා ආර්ථික දුර්වලතාවය ප්‍රයෝජනයට ගනිමින් රට අගාධයට ඇද දැමූ අතර, ඒ සියලු අසාර්ථක අත්හදා බැලීම්වල අවසානය සනිටුහන් කරමින් නව දේශපාලන සංස්කෘතියක අවශ්‍යතාව මතු වී තිබේ.

සැබෑ ආර්ථික ශක්තියක්:

කෙටි කාලීන සහන වෙනුවට රටේ සෑම ක්ෂේත්‍රයක්ම බලගන්වන, දේශීය නිෂ්පාදනය සහ තාක්ෂණය පෙරටු කරගත් දීර්ඝකාලීන ජාතික වැඩපිළිවෙළක් ඔස්සේ රටේ ආර්ථික යුද්ධය ජයගැනීමට සැලසුම් සකස් කර ඇත.

ප්‍රායෝගික නායකත්වය සහ සංවිධානය:

වාණිජ හා ව්‍යවසායකත්ව ක්ෂේත්‍රයේ ප්‍රායෝගික පළපුරුද්දක් ඇති නායක දිලිත් ජයවීර මහතාගේ මෙහෙයවීමෙන්, ‘සර්වජන බලය’ (ලකුණ – පදක්කම) හරහා රටේ සෑම තරාතිරමකම ජනතාව බලගන්වන නව යුගයක ආරම්භය සනිටුහන් වේ.

Share.
Leave A Reply