රට ම නවතී! රටම අරාජික වෙයි ද ?….රාජ්ය සේවකයෝ ලක්ෂ 15ක් සටනට…
මහජන විරෝධතා, වැඩ වර්ජන, පත්රිකා බෙදීම් හා සමාජ මාධ්ය සටහන් පවා “ත්රස්තවාදී ක්රියා” ලෙස අර්ථ නිරූපණය කරමින් ප්රජාතන්ත්රවාදී අයිතීන් මර්දනය කිරීමට ආණ්ඩුව සූදානම් වන “ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනතට (PSTA)” එරෙහිව මෙරට ප්රමුඛ පෙළේ වෘත්තීය සමිති 42ක් එකාබද්ධව දැවැන්ත සටනකට අද (2026.10. 18) දින අවතීර්ණ වන බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ මාධ්ය ප්රකාශක ආනන්ද පාලිත පවසයි.
රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය, ලංකා ගුරු සංගමය, දුම්රිය, තැපැල්, විදුලි හා බැංකු ඇතුළු ප්රබල ක්ෂේත්ර නියෝජනය කරන වෘත්තීය සමිති රැසක් එක්ව මෙම රාජ්ය මර්දන පනත පරාජය කිරීම සඳහා ඉදිරි සති කිහිපය තුළ දැඩි ක්රියාමාර්ග ගැනීමට තීරණය කර ඇත.
අධිකරණ අනුමැතියකින් තොරව වසරක් දක්වා පුද්ගලයින් රඳවා තබාගැනීමටත්, සාමකාමී උද්ඝෝෂණ තහනම් කිරීමටත් අධිකාරී බලය ලැබෙන මෙම පනත මගින් සමස්ත ජනතාවම “ත්රස්තවාදීන්” බවට පත්කිරීමේ අවදානමක් පවතින බව ආනන්ද පාලිත පැවසීය.
පක්ෂ පාට භේදයකින් තොරව මෙම “PSTA” අලුගෝසු පනත පරාජය කර පැරණි “PTA” පනතද අහෝසි කිරීමේ ජාතික සටනට වහා එකතු වන ලෙස වෘත්තීය සමිති සන්ධානය සමස්ත මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
1🚩එක්සත් ජාතික තැපැල් සේවක සංගමය
2🚩එක්සත් තැපැල් හා විදුලි සංදේශ සේවක සංගමය
3🚩එක්සත් පොදු සේවක සංගමය
4🚩ඒකාබද්ධ ආයුර්වේද සෞඛ්ය සේවක සංගමය
5🚩ඒකාබද්ධ ඉංජිනේරු සංස්ථා සේවක සංගමය
6🚩ඒකාබද්ධ ගුරු සේවා සංගමය
7🚩ඒකාබද්ධ දුම්රිය සේවක සංගමය
8🚩ඒකාබද්ධ ජල සම්පාදන සේවක සංගමය
9🚩ඒකාබද්ධ පළාත් පාලන සේවක සංගමය
10🚩ඒකාබද්ධ පිරිවෙන් ගුරු සේවා සංගමය
11 🚩ඒකාබද්ධ බැංකු සේවක සංගමය
12🚩ඒකාබද්ධ විදුලි සේවක සංගමය
13🚩ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්යස්ථානය
14🚩ඒකාබද්ධ සමූපකාර සේවක සංගමය
15🚩ඒකාබද්ධ සෞඛ්ය සේවක සංගමය
16🚩ඒකාබද්ධ හෙද සේවා සංගමය
17🚩කම්කරු අරගල මධ්යස්ථානය
18🚩ජනතා ගුරු සංගමය
19🚩ජාතික තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමය
20🚩දුම්රිය නිලධාරින්ගේ සංගමය
21🚩නිදහස් වෘත්තීය සමිතිි මධ්යස්ථානය
22 🚩නිදහස් සේවක සංගමය (ශ්රී ලංකන් ගුවන් සමාගම් ශාඛාව)
23🚩පොදු ගුරු වෘත්තීකයන්ගේ සංගමය
24🚩පෞද්ගලික සේවක මධ්යස්ථානය
25🚩රජයේ පවුල් සෞඛ්ය සේවා සංගමය
26🚩රජයේ මුද්රණ ශිල්පීන්ගේ සංගමය
27🚩රජයේ වෛද්ය නිලධාරින්ගේ සංගමය
28 ලංකා ගුරු සංගමය
29 🚩ලංකා විදුලි තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමය
30🚩ලංකා ස්වාධීන ගුරු සේවා සංගමය
31 🚩වාණිජ හා කාර්මික සේවක සංගමය
32 🚩වෘත්තීය ගුරුවරුන්ගේ සංවිධානය
33🚩ශ්රී ලංකා තැපැල් සහ විදුලි සංදේශ සේවා සංගමය
34🚩ශ්රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය
35🚩ශ්රී ලංකා ජාතික ගුරු සංගමය
36🚩සමගි වෘත්තීය සමිතිි සන්ධානය
37🚩සමස්ත ලංකා තැපැල් සහ විදුලි පණිවුඩ සේවක සංගමය
38🚩සමස්ත ලංකා ප්රගතිශීලි සමෘද්ධි සංවර්ධන නිලධාරි සංගමය
39🚩සමස්ත ලංකා රජයේ වෛද්ය නිලධාරින්ගේ සංගමය
40🚩සමස්ත ලංකා වෙළඳ හා කර්මාන්ත කම්කරු සංගමය
41🚩සංවර්ධන නිලධාරි වෘත්තීය සමිතිි සම්මේලනය
42 🚩සෞඛ්ය සේවක මධ්යස්ථානය

