කොටුව මහේස්ත්රාත් අධිකරණයෙන් විශේෂ නියෝගයක් !
කොටුව ප්රදේශයේ විරෝධතාවලට සහභාගී වන භික්ෂූන්, දේශපාලනඥයන් ඇතුළු සමාජ සිවිල් 53 දෙනෙකුට තහනම් ආඥාවක්!
බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා කොටුව ප්රදේශයේ පවත්වනු ලබන විරෝධතාවලට සම්බන්ධ භික්ෂූන් වහන්සේලා, හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සහ සිවිල් සංවිධාන ක්රියාකාරීන් ඇතුළු පුද්ගලයන් 53 දෙනෙකු වෙත කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් විශේෂ නියෝගයක් නිකුත් කර තිබේ.
කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් කරන ලද කරුණු දැක්වීමක් සලකා බැලීමෙන් අනතුරුව, 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්රහයේ 106 (1) ප්රතිපාදන ප්රකාරව මෙම ආඥාව නිකුත් කර ඇත.
නියෝගයේ ප්රධාන කරුණු:මාර්ග අවහිර කිරීම තහනම්ය.
මේ අනුව කොටුව දුම්රිය ස්ථානයේ සිට සෙරමික් හන්දිය දක්වා, සෙරමික් හන්දියේ සිට NSA වටරවුම දක්වා සහ NSA වටරවුමේ සිට බාලදක්ෂ මාවත ගාලු මුවදොර වටරවුම දක්වා වූ ගාලු පාර අවහිර කිරීම සපිරි තහනම් වේ.
අධි ආරක්ෂිත කලාපයට ඇතුළුවීම තහනම් කර තිබේ.
මුදල් අමාත්යාංශය, ශ්රී ලංකා මහ බැංකුව, ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ සහ එම අධි ආරක්ෂිත කලාපය තුළ අඛණ්ඩව රැඳී සිටීම වළක්වා ඇත.
පොදු හෝ පෞද්ගලික දේපළවලට හානි කිරීමෙන් වළකින ලෙස ද නියෝග කර තිබේ. නියෝගයට ලක්වූ පාර්ශව
භික්ෂූන් වහන්සේලා (30 නමක්)කි.
පූජ්ය උලපනේ සුමංගල හිමි, පූජ්ය විතාරන්දෙනියේ නන්ද හිමි, පූජ්ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි, මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි, කැළණිය විහාරාධිපති මහාචාර්ය පූජ්ය මහින්ද සංඝරක්ඛිත හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා 30 නමකි.
දේශපාලනඥයන් (11 දෙනෙක්) කි. ඒ් අතර උදය ගම්මන්පිල, විමල් වීරවංශ, අනුරාධා යහම්පත්, සරත් වීරසේකර, චන්න ජයසුමන, සමන් රත්නප්රිය, සංජීව එදිරිමාන්න, ප්රසන්න රණවීර, නීතීඥ මනෝජ් ගමගේ සහ ජගත් කුමාර ඇතුළු පිරිසකි.
සිවිල් ක්රියාකාරීන් (12 දෙනෙක්) කි.
අසේල සම්පත්, දුලීකා, නදුනි ගිත්මා ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයන් 12 දෙනෙකුට මෙම නියෝගය අදාළ වේ.
මෙම අධිකරණ ආඥාව කඩකරන පුද්ගලයන්ට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්රහයේ 185 වන වගන්තිය යටතේ සහ 2024 අංක 08 දරන අධිකරණයකට හෝ ආයතනයකට අපහාස කිරීමේ පනතේ 03 වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවත්, ඊට එරෙහිව තදින් නීතිය ක්රියාත්මක කිරීමට පොලිසියට බලතල ඇති බවත් පොලිස් මාධ්ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරයි.

